මෙ රට ආර්ථික විද්‍යාවේ පියාණන් වූ
මහාචාර්ය ඇෆ්. ආර්. ජයසූරිය ශ්‍රීමතාණෝ

U.N.O. ආයතනයට ප්‍රථමයෙන් ම අහිමි වූ ආර්ථික විද්‍යාඥයා

1948 වර්ෂයේ මාර්තු 15 ජයසූරිය මහාචාර්යතුමා U.N.O. සංවිධානයට නියෝජිතයකු ලෙස පත්කර එවීම සඳහා ලංකා රජය විසින් තීරණයක් කර තිබේ. ෙම් බව එවක රජයෙ පුවත්පත ලෙස සලකන ලද The Ceylon Observer පුවත්පතේ මාර්තු 15, 1948 දෙවන පිටුවේ Political Notes and Comments යටතේ පැහැදිලිව ප්‍රකාශ කර ඇත.

මෙයට අමතරව, The Colombo City News 1948 මාර්තු 20 හතරවන පිටුවේ මේ පිළිබඳව දීර්ඝ සටහනක් ඇත. රජය පැත්තෙන් බැලූ විට මෙම කාලයේ මෙම තනතුර සඳහා අපේ මහාචාර්යතුමා හිතා සුදුසුකම් ඇත්තෙකි. ආර්ථික විද්‍යා විෂය UNO වැනි ආයතනයකට අවශ්‍ය වන්නටද ඇත. මේ වන විට මෙරට නිදහස සඳහා සටන ආරම්භ කර තිබේ. රජයේ පැත්තෙන් මෙම පත්වීම අවශ්‍යයි යැයි කල්පනා කළත්, මේ වන විට මහාචාර්යතුමා විශ්ව විද්‍යාලය තුළ පමණක් නොව සාමාන්‍ය සමාජයේ දේශපාලන සමාජ කටයුතු පිළිබඳ ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටියේය. 1947 ප්‍රකට මහා වැඩ වර්ජනය වැනි දෙයට මහාචාර්යතුමා ක්‍රියාකාරී නායකත්වයක් ලබා දී ඇත. විශ්වවිද්‍යාලය තුළ පමණක් නොව රට තුළද එතුමාගේ ක්‍රියාකාරකම් රජයට අභියෝගයක් වීමද මෙම තනතුර සඳහා බලපාන්නට ඇත.

එතුමාගේ වැඩ කටයුතු විශ්වවිද්‍යාලයට පමණක් සීමා නොකොට ක්‍රියාකාරී දේශපාලනයට යොමු වීම ඉදිරි කාලය ක්‍රමයෙන් ව්‍යාප්ත වී ඇති බව පෙනේ. 1951 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක් ලෙස ක්‍රියාකාරී දේශපාලනයට යොමු වීම මෙයින් වැදගත්ය. 1948 එතුමා UNO ආයතනයට යැවීමට එකල රජය යොමු වුණේ එතුමාගේ මෙරට ක්‍රියාකාරකම් වළක්වාලීමට බව පැහැදිලිය


ඇෆ් ආර් ජයසූරිය මහාචාර්යතුමා පුවත්පත් කලාවේදියකු ලෙස
(The Colombo City News 1947 – 1948)

1947 සිට 1948 දක්වා විශේෂයෙන්ම මේ රටේ දේශපාලන අර්බුදකාරී සමයක් විය. මෙයට පෙර මතු වූ නිදහස පිළිබඳ ප්‍රශ්නය ඉතා වැදගත් වූ අතර මෙරට අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සිංහලයන් අතර මතභේද ඇති විය. දේශපාලන මතභේද පක්ෂ ක්‍රමයට බෙදෙන්න පටන් ගත්තා. ගුරු, පැවිදි නායකත්වය ආදී පක්‍ෂ සමඟ එක්ව කටයුතු නොකළ විශාල පිරිසකට අද මෙන් තම මතය ප්‍රචාරය කිරීමට ක්‍රමයක් තිබුණේ නැත. එකල විවිධ මාධ්‍ය පද්ධති හෝ සංවිධාන තිබුණේ නැත, පුවත්පත් සහ ගුවන්විදුලි කිහිපයක් පමණි. ඒ නිසා දේශපාලන පක්‍ෂ විසින් පක්‍ෂයේ නමින් කුඩා පුවත්පත් බෙදාහරින ලද අතර විශේෂයෙන්ම එක්සත් ජාතික පක්‍ෂය, සෑම් සමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය සහ මේ පුවත්පත් තම පක්ෂ නාමයෙන් බෙදා හරින ලදී.

එහෙත් විශාල පිරිසක් වූ සාමාන්‍ය ජනතාව සඳහා තම දේශපාලන අදහස් ප්‍රචාරය කිරීමට ක්‍රමයක් නොවීය විශේෂයෙන් පළාත් බද ප්‍රදේශවලට මෙය බරපතළ ප්‍රශ්නයක් විය මෙම කාලයේ කොළඹ ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවගේ අදහස් ප්‍රචාරය කිරීමට මේ අවස්ථාවේ The Colombo City News නමින් දේශපාලන ප්‍රශ්න ප්‍රචාරය කළ පුවත්පතක් විය මහනුවර ප්‍රදේශයේ මෙම පුවත්පත සාමාන්‍ය ජනතාවට විශාල උපකාරයක් විය. ඒ ප්‍රදේශයේ නායකත්වය දුන්නේ ටී.බී ඉලංගරත් නමැතිතුමාය. ගාල්ල ප්‍රදේශයේද මෙම පුවත්පත විශාල වශයෙන් ප්‍රචාරයට පත් වූ අතර ඒ සඳහා නායකත්වය ලබා දුන්නේ ගරු ඩබ්ලිව් දහනායක මහත්මයාය. මෙම ප්‍රාදේශීය නායකත්වයන් නිසා මෙම පුවත්පත ඉතා කෙටි කාලයකින් විශාල ප්‍රසිද්ධියකට පත්විය. පුවත්පත මහාචාර්ය F. R. ජයසූරිය මහත්මයාගේ නිර්මාණයක් ලෙස ප්‍රසිද්ධියක් ලබා දුන්නේ නැත. කෙටි කාලයකින් මෙය මුළු දිවයින පුරාම ප්‍රසිද්ධියට පත් වූ පුවත්පතක් විය. මහාචාර්යතුමාගේ ඉතාම ලස්සනට මට සිළුටුවට ගොඩනගා ගත් වචන මාලාව නිසාම එකල කාර්යාල වලට මෙම පුවත්පත ප්‍රචාරය වන්නට පටන් ගති.


මහාචාර්යතුමා 1949 වර්ෂයේ සමකාලීනයන් සමඟ එංගලන්තයට ගිය අවස්ථාව

අපේ මහාචාර්යතුමා 1949 වර්ෂයේ දී විශ්වවිද්‍යාලයේ තම සමකාලීන ආචාර්ය මණ්ඩලයේ හිතවතුන් පිරිසක් සමග පර්යේෂණ කටයුතු සඳහා එංගලන්තයට ගිය අවස්ථාව
පිළිවෙලින් වමේ සිට එෆ් ආර් ජයසූරිය මහාචාර්යතුමා , එල්. ඩී .ධීරසේකර මහාචාර්යතුමා (විශ්‍රාම ලැබුවාට පසු ඒ මහතා පූජ්‍ය ධම්ම විහාර හිමි යන නමින් පැවිදි විය) මහාචාර්ය එෆ් ආර් ජයසූරිය මහත්මිය, MHF ජයසූරිය මහතා , ආචාර්ය ආනන්ද කුලසේකර මහතා (පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යව සිටි ඒ මහතා 1952 වර්ෂයේ ආර්ථික විද්‍යා අංශය මගින් සංවිධානය කළ ඉංග්‍රීසි සිංහල පාරිභාෂිත ශබ්ද සෙවීමට උපකාර කළ බව ප්‍රසිද්ධ කරුණක) මහාචාර්ය ඩබ්ලිව්.ඒ වික්‍රමරත්න මහතා (විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ සිට මෙම මහාචාර්යතුමා 1960 දශකයේ කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණ එම විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලෙස සේවය කළේය)


මහාචාර්යතුමා සහ එම මැතිණිය

මහාචාර්යතුමා නිවාඩු දිනයක් හෝ විවේකයක් ලබාගත ලබාගත්තේ බොහෝ දිනකට පසුවය. එවැනි දිනවලදී වාහනවල ගමන් කොට බෞද්ධ ස්ථානවලට යාමට අවස්ථාවක් ලබා ගැනීම සිරිතක. ඒ සඳහා මැතිණියගේ ද උපකාරය ලැබෙයි.
මේ 1960 දශකයේ නිවාඩු දිනයක දී මහාචාර්යතුමා සහ මැතිණිය අනුරාධපුරය පින්කමක් සඳහා ගොස් දිවා ආහාරය ගන්නා අයුර තමන්ගේ වැඩ කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ඉටු කිරීම එතුමාගේ ආකාරයයි


A family photograph 1936

professor Jayasurya his parents, brothers, sisters, nephews, nieces

from left to right (standing): Dr wf Jayasurya physician and abhidham scholar, Mr VC Jayasurya Ambassador to Burma, brother in law GM the silver High Court judge, Mr George Jayasurya Deputy survey general, younger sister Gladys later Mrs Abesekara, President of Mahila Samiti and President of all Ceylon women’s Buddhist Congress, Professor F.R. Jayasuriya, Mr. Gilbert Jayasuriya (Proctor), Mr. Andrew Jayasuriya (Advocate)

From Left (seated): Mrs. Soma Jayasuriya (sister in law) Mrs. Eva de silva (eldest sister) Mrs. Anjelina Jayasuriya (Mother) muhandiram Charles Jayasuriya (Father), Elder sister Gertrude (Later Mrs. Jayakuru) Mrs. Nellie Jayasuriya (Sister in Law)

From Left: nephews and nieces, Neil jayasuriya, CLodagh de silva, Dagmar de silva, Laksiri Jayasuriya, Vivienne jayasuriya, Chithranganie, Nalin Jayasundara (Twins)


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජික වන මහාචාර්ය FR ජයසූරිය මහතා සහ 1956 මහා මැතිවරණය

තම අරමුණ සඳහා පෙරලිකාර මෙහෙයක් කළ මහාචාර්යතුමා

එෆ්.ආර්. ජයසූරිය මහාචාර්යතුමා 1952 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකි. පක්‍ෂයේ ආරම්භක සාමාජිකයින් පිරිස විසිහත් දෙනෙක් විය. එතුමා ඉන් අයෙකි. එපමණක් නොව එතුමා 1956 මහා මැතිවරණයේ පක්ෂයෙන් තරග කළ සාමාජිකයින් තේරීමේ මණ්ඩලයේ සිටි පස් දෙනාගෙන් එක් අයෙක් විය. මේ අවධිය වන විට එකම විශ්ව විද්‍යාලය වූ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය තුළ වාමාංශික අදහස් පැතිර ගොස් තිබුණද අපේ මහාචාර්යතුමා මෙම නව දේශපාලනය හා එක්ව අවුරුදු හතරක් වැනි කාලයකදී බලය ලැබීමට සමත් විය.

රටේ සෑම අංශයකම පුද්ගලයෝ මෙම පක්ෂය සමඟ එක් වූහ (ගොවි, කම්කරු, සංඝ, වෙද, ගුරු) මෙවැනි සාමාන්‍ය පුද්ගලයින්ට බය සක නැතිව දේශපාලනයට යොමු කළේ මෙම මැතිවරණයෙන් පසුවය. හිටපු පක්ෂය (එක්සත් ජාතික පක්ෂය) ආසන අටක් දක්වා පරාජයකට පත්විය. මෙවැනි වූ දේශපාලන පක්ෂයේ තේරීම් මණ්ඩලයේ පස් දෙනාගෙන් මහාචාර්යවරයාද ඇතුළත් විය.

විශිෂ්ට ජයග්‍රහණයට මෙම තේරීම් මණ්ඩලය ඉතා වැදගත් වන්නට ඇත. මෙම කරුණ මෙරට දේශපාලනයේ ඉතාම වැදගත් එකකි. මේ වන විට අපේ මහාචාර්යතුමාට රටේ විශාල පළාතක පුද්ගලයින් ගැන අවබෝධයක් තිබුණා. එයට හේතුව ගුරුවරයෙක් වශයෙන් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් වශයෙන් දේශපාලන කටයුතුවලින් ලබා තිබූ අවබෝධයයි

මහාචාර්යතුමාට මෙම දේශපාලන ජයග්‍රහණය සමගම මෙරට සිංහල ජාතිය හා බුද්ධාගම යන කරුණු පිළිබඳව ද නිරන්තනයෙන් කල්පනා කළේය මේ සඳහා ස්ථීර නිගමනයක් ලැබිය යුත්තේ ද මෙම අවස්ථාවේමය යනුත් මහාචාර්යවරයාගේ හැඟීම විය

පක්‍ෂයන් හෝ රජයෙන් ලැබෙන තනතුරු හැර දමා රජය පිහිටවනු දින ගණනකින් සිංහලය රාජ්‍ය භාෂාව විය යුතු යන හැඟීම මුල්කොට ගෙන FR ජයසූරිය මහාචාර්යතුමා පාර්ලිමේන්තු මන්දිරය අසල උපවාසයක යෙදුණේය

මේ කරුණු පිළිබඳව ඉතා වැදගත් තොරතුරු ආචාර්ය හරිෂ්චන්ද්‍ද්‍ර විජේතුංග මහතා ලියන ලද පෙරළියක නිර්මාතෘ මහාචාර්ය ඇෆ් ආර් ජයසූරිය පොත කියවා බලන්න


මහාචාර්යතුමා කැලණිය සරසවියට පැමිණ

1964 ආර්ථික විද්‍යා අංශයේ ස්වර්ණම යුගය

මහාචාර්ය තුමා කැලණිය විශ්ව විද්‍යාලයට පැමිණි දවස ස්ථිර වශයෙන් ම මට මතක නැති නමුත් එය 1964 වර්ෂයේ අවසාන මාස කාලය බව හොඳින් ම මතකය ඒ මගේ සරසවියේ දෙවන වර්ෂයේ ආරම්භය මෙන් ම ආර්ථික විද්‍යා විශේෂ උපාධියක් සඳහා මා තෝරා තිබූ අවධිය වීමය. මහාචාර්යතුමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් නික්ම කොට කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණෙන විට ආර්ථික විද්‍යා පිළිබඳ ගෞරව උපාධිය ලබා ගත් තුන්වන කණ්ඩායම වූයේ එම වර්ෂයේය. මෙම වර්ෂයේ සිට ආර්ථික විද්‍යාව අංශයේ විශාල පිබිදීමක් ඇතිවූ බව සත්‍යයකි.

මෙම වර්ෂය වනතුරු ගෞරව උපාධිය සඳහා යොදා ගැනීමට තිබුනේ එකම විෂයයන් පමණි! ඒ මුදල් හා බැංකු ක්‍රම යන විෂය පමණි. එහෙත් අපේ මහාචාර්යතුමා පැමිණි දින සිටම උගන්වන විෂයන් ප්‍රමාණය විශාල විය. ඒ අනුව සංඛ්‍යානය දේපල පරිපාලන විද්‍යාව සහ කාර්මික ආර්ථික විද්‍යාව යන විෂයයන් ආර්ථික විද්‍යා විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය සඳහා තෝරාගැනීමට ශිෂ්‍යයන්ට අවකාශ ලබා දෙන ලදී

මෙම විෂයයන් සඳහා උගන්වන ගුරුවරුන් පිළිබඳ ප්‍රශ්නයද ගුරුවරුන් අතරම සාකච්ඡා වන ආකාරය අපට අසන්නට තිබුණු බව මතකය එහෙත් මහාචාර්යතුමාට එය ප්‍රශ්නයක් නොවීය මහ බැංකුවේ සිට රජය නොයෙකුත් ආයතනවල උසස් තනතුරු දරණ විශේෂඥ ඔවුන්ට ආරාධනා කර අළුත් විෂයන් සඳහා ඔවුන් යොමු කර ගැනීම අපේ මහාචාර්යතුමා විශාල ප්‍රයත්නයක් දරන ලද බව අපටද අදද මතකය තමන්ගේ අරමුණ සඳහා අවසානය දක්වා අසීමිත උත්සාහයෙන් කටයුතු කිරීම එතුමාගේ පුරුද්දක් විය. එතුමා විෂයයන් පිළිබඳව දවසින් දවස අදහස් එකතු කරමින් ආර්ථික විද්‍යා අංශය කලා අංශයේ විශාලතම විෂය ලෙස ප්‍රචලිත කරන ලදී

එදා ආර්ථික විද්‍යා විෂය එක් අධ්‍යයනය අංශයක් ලෙස කලාපී ට අංශයට යොමුව තිබුනද අද විෂයයන් ගණනාවක් ඇතුළත් වෙනම සමාජ විද්‍යාව පිහිට එලෙස ප්‍රචලිතව තිබෙනු දැක්ම සතුටට හේතු වෙයි. එදා මෙදා තුළ මේ සා විශාල ලෙස ව්‍යාප්ත වීමේ ගෞරවය මහාචාර්යතුමාට යොමු විය යුතුය.
මෙහිදී විෂයයන් ප්‍රමාණය පමණක් නොව ආර්ථික විද්‍යාව ගෞරව උපාධිය ලබන ශිෂ්‍ය ප්‍රමාණයද ක්‍රමයෙන් ව්‍යාප්ත වන්නට විය. පළමු අවස්ථාවේ ආර්ථික විද්‍යාව ගෞරව උපාධිය සඳහා සිසුන් පහක් වූ අතර ඊළඟ වර්ෂයේ සිසුන් හතක් වී අපගේ වර්ෂය සිසුම් ප්‍රමාණය දාහතරක් විය. මින් අනතුරුව වාණිජවේදී උපාධියද ආර්ථික විද්‍යාංශයෙන් ලබා දීමට කටයුතු කරන ලදි. පසුව කාලීන වැදගත්කමක් තේරුම් ගනිමින් ප්‍රමාණවත් ආර්ථික විද්‍යාව සහ ගණකාධිකරණය යන විෂයයන් ආර්ථික විද්‍යාව විශේෂවේදී උපාධිය සඳහා තෝරා ගත හැකි විෂය ක්ෂේත්‍ර බවට පත් කරොත් මහාචාර්ය ජයසූරිය මහතාමය.

මේ ආකාරයෙන් කාලීන අවශ්‍යතාව තේරුම් ගනිමින් අපගේ මහාචාර්යවරයා ආර්ථික විද්‍යාව විෂය විවිධ විෂයන් ඔස්සේ ද විශේෂවේදී උපාධිය හැදෑරීමේ ඉඩකඩ විවෘත කරන ලද හෙයින් අද වන විට ආර්ථික විද්‍යාව විශේෂවේදි උපාධිය යටතේ තවත් ක්ෂේත්‍ර ගණනාවක් එකතු වී ඇත. කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව, ආර්ථික ක්‍රම සම්පාදනය, සංචාරක ආර්ථික විද්‍යාව යන විශේෂයන් වර්තමා තවද අද කැලණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව අංශය මගින් ආර්ථික විද්‍යාව හැරුණු විට දේශපාලන විද්‍යාව සමාජ සංඛ්‍යානය සහ ජාත්‍යන්තර අධ්‍යයනය යන විෂයන් යටතේ විශේෂ ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලා පවත්වාගෙන යනු ලැබෙයි. මෙකී පසුකාලීන දියුණුවට මූලික පදනම දැමීමේ සම්පූර්ණ ගෞරවය අප මහාචාර්යවරයාට හිමි වන බව එතුමාගේ ශිෂ්‍ය‍යයන් අවිවාදයෙන් පිළිගන්නා අතර ඒ පිළිබඳ කෘතඥතාවයද පළ කරති.

  • – මහාචාර්ය ආරියවංශ දිසානායක මහතා

ජාතික වීරයෙක් අවසන් ගමන් යයි.

Some memories