මහාචාර්ය ඇෆ් ආර් ජයසූරිය ගුණානුස්මරණ පදනම
පෙරවදන
ඉතිහාසය දෙස විමසුම් නෙතින් හැරී බලමු
– මහාචාර්ය ඉඳූරාගාෙරේ ධම්මරතන හිමි
දැනුම්වලට සම්ප්‍රදායයන් තිබිය හැකි ය. ඒ අනුව පෙරදිග දැනුම අපරදිග දැනුම හෝ ප්‍රාචීන දැනුම, පචිචීන දැනුම හෝ දේශීය දැනුම විදේශීය දැනුම වශයෙන් දැනුම් වර්ග කිරීම අශාස්ත්‍රීය නොවේ. එහෙත් එක් දැනුම් සම්ප්‍රදායයක් විසින් තවත් දැනුම් සම්ප්‍රදායයක් පිරිහෙලා දැකීම හෝ බලාරෝපණය කිරිම, යටපත් කිරීම හෝ දේශපාලනික වන්නේ ය. විජිතයන් යටත් කර ගනිමින් දේශ ආක්‍රමණයෙහි යෙදුණු ප්‍රජාපීඩක ආක්‍රමණිකයෝ, විශේෂයෙන් බටහිර ආක්‍රමිණිකයෝ විජිතයන් යටත් කරගනිමින් පසු යටත් කර ගත් විජිතයන් යටත් විජිතයන් ලෙස ම පවත්වාගෙන යාම, නඩත්තු කිරිම සඳහා දැනුම බලයක් ලෙස භාවිත කළ හ. ඒ අනුව යටත්විජිතයන් සතුව තිබූ ආවේනික ශිල්පීය දැනුම් අපහාසයට හා නින්දාවට පත් කළ හ. ඒවා අශිෂ්ට හා නොදියුණු ගෝත්‍රික දැනුම් පද්ධති ලෙස හෙළා දුටුව හ. එපමණකින් නතර නොවූ ඔවුහු තම දැනුම් පද්ධතිය
යටත්විජිතවාසීන් මත බලහත්කාරයෙන් පැටවූහ. එයින් ඔවුන් අපේක්ෂා කළේ එම යටත්විජිතවාසීන් තමාගේ කීකරු අනුගාමිකයා බවට පත් කිරිම ය.
රෞද්‍ර බටහිරයකු වූ මැකෝලි පවසන පරිදි ඇගෙන් පමණක් දේශීය වූ සමස්ත සිතුවිල්ලෙන් හා චර්යාවෙන් එංගලන්ත සේවකයන් වූ, වඩාත් නිවැරදි ව කිවහොත් බ්‍රිතාන්‍ය කිරීටයේ මෙහෙකරුවන් වූ ශ්‍රී ලාංකේයන් පිරිසක් නිර්මාණය කිරීමට ඔවුනට හැකි වූයේ බ්‍රිතාන්‍ය ගැති අධ්‍යාපනයක් ලබාදීමෙන් හා ඉංග්‍රීසියට දේවත්වාරෝපණයක් ලබාදෙමින් කටයුතු මෙ-
හෙයවීමෙනි.
ශ්‍රී ලංකාවට ආවේනික වූ, විශේෂයෙන් භාරතීය කලාපයට ආවේනික වූ ඉර, හඳ, තරු, අහස, පොළොව, අව්ව හා වැස්ස පිළිබඳ ව වූ දැනුම යටපත් කිරිමටත් ඒ මත භෞතික ශාස්ත්‍රය බලාරෝපණය කිරීමටත් දේශවාසීන් ලවා ම තම සභ්‍යත්වයේ උරුමයන්ට නින්දා අපහාස කරමින් සිනාසීමටත් මේ අනුව ශ්‍රී ලාංකේයන් මෙහෙය වූ ඔවුහු අනාගත පරිභෝජනය සඳහා ස්ථිර තැන්පතුවක් ලෙස ලියා තැන්පත් කළේ ඉතිහාසය ය. ඓතිහාසික මූලාශ්‍රයයක් පරිශීලනය කළ යුත්තේ එතී මූලාශ්‍රයය ලියා තැබූයේ මක්නිසාද යන්නද විමසමිනි. ඒ අනුව දෘෂ්ටිගත නොවී හැදෑරිය යුතු ප්‍රථම විෂයය ඉතිහාසය ය. ඉතිහාසය විද්‍යාත්මක ව හැදෑරිම ඉතිහාස අධ්‍යයනයෙහි විද්වත් සම්භාවිත ක්‍රමය වන්නේ ය. නිගමනධාරි ව ඉතිහාසය අධ්‍යයනය කිරීම විද්වත් සම්භාවිත නොවන්නේ ය. නිවැරදි ම පර්යේෂණ අධ්‍යයනයක් වීමට නම් නිගමන රහිත එහෙත් උපකල්පිත සහිත අධ්‍යයනයක් විය යුතු ය. ශ්‍රද්ධා භක්තියෙන් හෝ වෘතාන්ත විශ්වාසෙයන් හෝ ඓතිහාසික සිද්ධි පිළිබඳ කෙරෙන නිගමන මගින් විකෘත ඉතිහාසයක් නිර්මාණය විය හැකි ය.
පෙර කී පරිදි ම ඉතිහාසය යනු නිර්මාණය කළ හැක්කක් නොවේ. එය හුදෙක් අනාවරණය කර ගත යුත්තක් පමණි. ඇතැම්
නූතන මතධාරිහු ඉතිහාසය නිර්මාණය කිරීමට වෑයම් කිරීම ශාස්ත්‍රීය ලෙස අගය කළ හැකි නොවේ. පූර්ව නිශ්චිත නිගමනයක සිට ඊට සාධක සෙවීමෙන් හා ඒ නිසාම දුර්වල සාධකවලට ද අගයක් ලැබෙන සේ හුවා දැක්වීම මගින් ඉතිහාසයට වන්නේ වැඩකට වඩා අවැඩකි.
කිසියම් කරුණක් දෘෂ්ටි කෝණ ගණනාවකින් බැලිය හැකි ය. නිරවද්‍ය තොරතුරු අනාවරණය කර ගත හැකි වන්නේ ඒ සිය ̈ දෘෂ්ටි කෝණයන්ගෙන් බැලීම මගින් පම‚. එක් දෘෂ්ටි කෝණයක් මගින් අනාවරණය වන්නේ ඉතිහාසයේ එක් පාර්ශවයක් පමණකි. කීර්ති ජයසූරිය, මහාචාර්ය කේ.එම්. පී. කුලසේකර, මහාචාර්ය හේරත් මාදන බණ්ඩාර, මහාචාර්ය යූ. බී. කරුණානන්ද යන විෂයප්‍රවීණයන් විසින් මහාචාර්ය ඇෆ්. ආර්. ජයසූරිය වියතාණන් සමරමින් රචන කරමින් නූතන ඉතිහාසය දෙස හැරී බලන මේ කෘතිය අදට වටින්නේ යටත්විජිත යුගයේ යෝජිත උපක්‍රමික විපර්යාසයන්ගේ මුහුකුරා ගිය ප්‍රතිපල අප අද ඇස්පනාපිට ම අත්දකිමින් සිටිනා හෙයිනි.