Home Religious The Supreme Buddha is the greatest teacher in the world

The Supreme Buddha is the greatest teacher in the world

0
The Supreme Buddha is the greatest teacher in the world

බුදුරජාණන් වහන්සේ ලොව අසිරිමත් ගුරුවරයා

පොල්ගස්වත්තේ පරමානන්ද හිමි

හැඳින්වීම

බුදු රජාණන් වහන්සේ වෙතින් ධර්මාවබෝධය ලැබූ ශ්‍රාවක පිරිස අති මහත් වෙයි. ඒ සියලු දෙනාම උන්වහන්සේගේ දේශනා විලාසයෙන් ප්‍රමුදිත වූවාහු ය. බුදුරජාණන් වහන්සේ තරම් ශිෂ්‍ය ප්‍රසාදයට පත් වෙන ගුරුවරයකු ලොව නොවූ තරම්ය. බුද්ධ දේශනාව තුළ විද්‍යාමාන වන ඉගැන්වීමේ ක්‍රම ශිල්ප කවරදාක වුවද වලංගු වෙයි. අධ්‍යාපනඥයන් ඉදිරිපත් කර ඇති ඉගෙනුම් ක්‍රම වැඩි ප්‍රමාණයක් පළමුව අපට හමුවන්නේ බුද්ධ දේශනාව තුළිනි. එම නිසා නූතන ඉගෙනුම් ක්‍රම බෞද්ධ ගුරුවරයාට අපූර්ව දේවල් නොවන්නේය. බුදුරදුන් අනුදත් ඉගෙනුම් ක්‍රම ශිල්ප අනුගමනය කිරීම හෝ ඇගයීම පසෙක තබා බටහිර අධ්‍යාපනඥයන් විසින් හඳුන්වා දෙනු ලැබූ ක්‍රමවේදයන් හිස් මුදුනින් පිළිගෙන අනුගමනය කිරීමේ මානසික වහල් භාවයකට අපි පත්වී සිටිමු.

බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ ඉගෙනුම් ක්‍රම වෙන් වෙන් වශයෙන් නම් කර නැත. නමුත් බටහිර අධ්‍යාපන විද්‍යාව විසින් වෙන් වෙන් වශයෙන් ඉගෙනුම් ක්‍රම හඳුන්වා දෙනු ලැබ ඇත. එහෙයින් වර්තමානයේ බොහෝවිට සිදුවන්නේ බටහිර අධ්‍යාපන ඉගෙනුම් ක්‍රම වලට බුදුරදුන්ගේ ඉගෙනුම් ක්‍රම සංසන්දනය කිරීමයි. නමුත් සිදු විය යුතුව ඇත්තේ එහි අනිත් පැත්තය. අප මෙහිදී උත්සාහ කළේ බුදුරදුන් අනුගමනය කල විවිධ ඉගෙනුම් ක්‍රම අතරින් කිහිපයක් නිදර්ශන ලෙස පත් කිරීමටයි. බුදුරජාණන් වහන්සේ ධර්ම සන්නිවේදනය සඳහා අනුගමනය කළ ඉගෙනුම් ක්‍රමවේදයන් රාශියක් ත්‍රිපිටකය පුරාම සංගෘහිත ව ඇත. ඒ අතර වඩාත් බහුලව භාවිතා කළ දේශන ක්‍රමය, සාකච්ඡා ක්‍රමය හා ප්‍රදර්ශන ක්‍රමය පමණක් මෙහි ඇතුළත් කොට ඇත. බෞද්ධ අධ්‍යාපන දර්ශනය හා නූතන අධ්‍යාපන විද්වතුන්ගේ මත විමසා බැලීම වෙනම කළ යුතු පර්යේෂණ කාර්යයක් බැවින් මෙහිදී බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාපන ක්‍රමය වේදයන් පමණක් ඉදිරිපත් කලෙමි.

[3d-flip-book id=”71831″ ][/3d-flip-book]