ඒ.ඩී. රන්ජිත් කුමාර
පන්තියේ විවේක කාලයේ හෝ ආනන්ද නාලන්ද ක්‍රිකට් තරග වල සංගීත කණ්ඩායම් සමඟගෝඨාභය රාජපක්ෂයන් සී . ටී . ප්‍රනාන්දු ගේ ගීත මිතුරන් සමඟ ගයනවා…
අපිත් එක්ක ඉගෙන ගත් අපේ ජනාධිපතිතුමාතැන්පත්, කලබල නැති ශාන්ත චරිතයක්…ඔහුගේ ඒ චරිත ලක්ෂණරාජ්ය පාලනයේ දීත් වරින් වර මතුවෙනවා…
2014 වසරේ අප්‍රේල් මාසයේ නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වශයෙන් මහාචාර්ය සුදර්ශන සෙනෙවිරත්න නම් කරන බව වාර්තා වූ විට ශ්‍රී ලංකාවේ සිටි අභාවප්‍රාප්ත ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ එස්. පියසේන (සේනාධීර පියසේන) විසින් ලියූ ලිපියක් “ලංකාදීප ” පත්‍රයේ පළ විය. මේ වන විට මහාචාර්ය සුදර්ශන සෙනෙවිරත්න බංග්ලාදේශයේ මහ කොමසාරිස්වරයා ලෙස පත් වී ඇත.
1954 වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ බාලාංශ සිසුවකු වශයෙන් අධ්‍යාපනය ඇරඹූ සුදර්ශන ගේ කුඩා මිතුරන් වූයේ අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා රුවන් සේනාධීර ය. රුවන් ගේ පියා වූයේ මේ ලිපිය ලියූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නවදිල්ලියේ නියෝජ්‍ය මහ කොමසාරිස් ධූරය දැරූ එස් පියසේන ය.
මහාචාර්ය සුදර්ශන සෙනෙවිරත්න මට හිටි හැටියේ සිහිපත් වූයේ ඔහුත් ගෝඨාභය හා රුවන් අතර මේ සහෝදරත්ව මිතුදම උසස් පෙළ පන්තිය දක්වාම නොකඩවා තිබුණු බව මා දැන සිටි නිසාය.
“අපි දෙන්නා පුංචි කාලේ “මල් කුමාරියෝ” ලෙස විවිධ ප්‍රසංගයක පෙනී සිටියා. සුදු පැහැති ඔහුගේ කම්මුල් එදා විදුලි ආලෝකයෙන් බැබලෙනු මම දුටුවා. ටික කලක් යනකොට ඔහුගේ ක්‍රීඩා ලෝලීත්වය කැපී පෙනුණා. කැඩෙට් කණ්ඩායමේ ඔහු කැපී පෙනුණු අතර රග්බි කණ්ඩායමේ ද කැපී පෙනෙන්නට පටන් ගත්තා.”
ඒ මහාචාර්ය සුදර්ශන්ගේ මතකයන්ය.
මහාචාර්ය සෙනෙවිරත්න මෙන්ම රුවන් සේනාධීර ද ගෝඨාභය මහතාගේ සමීප පන්ති සගයෙක් විය. රුවන් තම මතකය අලුත් කරමින් මෙසේ පැවසුවේය.
” පුංචි කාලේ ඩී.ඒ. රාජපක්ෂයන් තම පුතා ගෝඨාභය ආනන්දයට ඇතුළත් කිරීමට ආ දිනය හොඳට මතකයි. ඒ 1954. අපේ හෙඩ් මාස්ටර් ජී.ඩී. වීරසිංහ. ඔහුට කවුරුත් කිව්වේ “ගලිවර්” කියලා. මමත් ගෝඨාභයත් වීරසිංහ සර්ට බයයි. මොකද? ඔහු නීතිකාරයා . පුංචි කාලේ ඉඳලා අපිට විනය ඉගැන්නුවා. ගෝඨාභය ඔහුගේ නීති අකුරටම පිළිපැද්දා. අපිට උදේට පන්සිල් දුන්නේ තබ්බෝවේ ශාසනවංශ හාමුදුරුවෝ. ගෝඨාභය රග්බි ක්‍රීඩා කළා; සුදර්ශන එක්ක. අපිට ඉගැන්වූ ගුරුවරු අතර උප විදුහල්පති ජී. ඩබ්ලිව්. රාජපක්ෂ , ජේ. ආර්.පී. සූරියප්පෙරුම , කේ.එල්.එෆ්.විජේදාස, බර්ටි ප්‍රනාන්දු, බර්ටි විජයසිංහ, ශාන්තන රාජපක්ෂ, ඒ. ඩී. කරුණානන්ද, රංජිත් කබ්රාල්, තනබාලසිංහම්, රංජිත් සොයිසා, ගුණවර්ධන, එස්.ජී.ධර්මසේන, පී.එච්.ඊ. සමරවික්‍රම මට මතක අපේ දක්ෂම ගුරු මහතුන්. පසුව ඔහුගේ සමීප මිතුරෝ වුණේ උපාලි සෙනරත් (ප්‍රේමදාස), නීල් උමගිලිය, තිලාන් විජේසේකර, මේඝවර්ණ කුමාරසිංහ, තිස්ස ද සිල්වා.
කොල්ලුපිටියේ ප්‍රේමදාස ජුවලර්ස් හි කළමනාකාර අධ්යක්ෂ උපාලි සෙනරත් ආනන්දයේ 5 -2 පන්තියේ සිටම ගෝඨාභය රාජපක්ෂයන් සමඟ එකට ඉගෙන ගත් මිතුරෙකි.
“තැන්පත්, කලබල නැති ශාන්ත චරිතයක් අපිත් එක්ක ඉගෙන ගත් අපේ ජනාධිපතිතුමා. එතුමාගේ චරිත ලක්ෂණ රාජ්‍ය පාලනයේ දීත් වරින් වර මතුවෙනවා.
පන්තියේ නිශ්ශබ්ද, තැන්පත් ඔහු තුළ අවශ්‍ය තැනදී එඩිතර ගති මතු වුණා. වචනයක් කිව්වොත් ඒක මොනම හේතුවක් නිසාවත් වෙනස් කරන්නේ නෑ. අයුක්තියට කිසිදා හිස නොනැමූ, ඉක්මන් තීරණ නොගන්නා චරිතයක් ඔහු.
ගෝඨාභය ජනාධිපතිතුමා සමඟ එක පන්තියේ ඉගෙන ගත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි සරත් ප්‍රේමතිලක. ” ක්‍රීඩා” පත්‍රයේ දිගු කාලයක් ප්‍රධාන කර්තෘ පදවිය දැරූ සරත් ‘සිළුමිණ’ ප්‍රධාන කර්තෘවරයාව සිටි ප්‍රකට කවියකු වූ මීමන ප්‍රේමතිලක පුතෙකි.
සරත් කියන්නේ ද, ජනාධිපතිතුමා ගේ ගුරුවරුන් වූ බර්ටි විජේසිංහ , කේ. එල්. වි. එෆ්. විජේදාස වැන්න් කියන්නේ ද එකම කතාවමය.
ඒ “ගෝඨාභය කියන්නේ නිශ්ශබ්ද, හොඳට හැදිච්ච, තැන්පත් චරිතයක්. කියාය.
එකම පන්තියක සිටි ලක්ෂ්මන් ඩයස් නොහොත් ප්‍රවීණ රංගවේදී ලකී ඩයස් කියන්නේ ජනාධිපතිතුමා සංගීතය රසවිඳින හොඳ රසිකයකු බවය. පන්තියේ විවේක කාලයේ හෝ ආනන්ද නාලන්ද ක්‍රිකට් තරග වල මේ සංගීත කණ්ඩායම සමඟ ගෝඨාභය රාජපක්ෂයන් සී . ටී . ප්‍රනාන්දු ගේ ගීත මිතුරන් සමඟ ගී ගැයූ බව ය.
ගෝඨාභය රාජපක්ෂයන් ආනන්දයේ ඉගෙන ගන්නා කාලයේ විද්‍යාලයීය බෝඩිමේ ගත කළ කාලය ගැන තොරතුරු ඔහුගේ සමකාලීන බෝඩින් සගයකු වූ ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන විසින් ” ආනන්ද බෝඩිමේ රසකතා” පොතෙන් කදිමට විස්තර වේ.
දෙව්සිරි පී. හේවාවිදාන කියන පරිදි පන්තියේ නිශ්ශබ්ද, තැන්පත් ළමයකු වූ ගෝඨාභය රාජපක්ෂයන් බෝඩිමේ දී නම් දඟයකු බවය.
ආදි ආනන්දියකු වන කමල් ගුණරත්න, ගෝඨාභය චරිතයේ තවත් පැත්තක් මතුකර පෙන්වයි.
” ඔහු පොත් කියවීමට බොහෝ උනන්දු වූ අතර ලොව සිටි ශ්‍රේෂ්ඨ නායකයන් ගැන කියවීමට බොහෝ සේ ආශා කළේය. නිවසේ සිටින අවස්ථාවලදී පොත් කියවීමේ දී ඔහු පොත් ශබ්ද නගා කියවීමට පුරුදු වී සිටියේය. බොහෝ දෙනෙකුට ඉතා ප්‍රියමනාප දරුවකු වූ ගෝඨාභය කිසිවිටෙකත් කිසිවකුගේ සිත රිදවීමට කටයුතු කළේ නැත. ක්‍රීඩාව සහ විනෝදාංශ ලෙස ඔහු තෝරාගෙන තිබුණේ පිහිනීම හා ඡායාරූප ගැනීම ය. චිත්‍ර ශිල්පයට ඉතා දක්ෂ වූ ඔහු පාසල් කාලයේ පැන්සල් චිත්‍ර ඇඳීමට නිපුණතාවයක් දැක්වූයේය. ගීත ගායනයට කැමැත්ත දැක්වූ ගෝඨාභය නිතරම සී. ටී ප්‍රනාන්දුගේ ගීත ගැයීම පුරුද්දක් කරගෙන සිටියේ ය.
මේ ලිපියේ පාසල් සමය ගැන අපේ ජනාධිපතිතුමාගේ තොරතුරු ලිවීමේ දී “ගෝඨාභය” නමින් හැඳින්වීම සිතා මතා කළ දෙයක් නොවේ. ආදි ආනන්දියන් වශයෙන් ජනාධිපතිතුමාට සැමගේ ඇත්තේ අපරිමිත ගෞරව ආදරයකි. අද එතුමා අපේ රටේ ජනාධිපතිතුමාය. ඒ ගෞරවය හිමි වන්නේ බාලාංශයේ සිට ඉගෙනගත් ආනන්දයටමය. ආනන්දයෙන් කොතෙක් දේශපාලන නායකයන් බිහි ව ඇතත් මුලින්ම ජනාධිපතිවරයකු වන්නේ ඔහු මිස වෙන කවුරුද? මීට පෙර මුල් වරට අගමැති වූයේ ආදී ආදි ආනන්දීය රත්නසිරි වික්රමනායකයන්ය.
සිළුමිණ