කිළිනොච්චියේ උරුතිරපුරම් ප්‍රදේශයේ පිහිටි ශිව කෝවිලක් පිටුපසින් වසර 2400 කට වඩා පැරණි ශ්‍රී පතුලක් හා තවත් බෞද්ධ පුරා වස්තු කීපයක් හමුවී තිබේ.

මේ ස්ථානයෙන් මීට වසර හතරකට පමණ ඉහතදී මැටි භාණ්ඩ කීපයක කොටස් හමු වූ අතර ඒවා කෝවිලට අයත් භාණ්ඩ ලෙස කෝවිල් පාලන අධිකාරිය සලකා කෝවිල තුළ තැන්පත් කොට තිබේ.

පසුගියදා හමු වූ ශ්‍රී පතුල ඇතුළු බෞද්ධ නටබුන් කීපය කිළිනොච්චිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්. පද්මනාදන් මහතා විසින් පරීක්ෂා කොට ඇති අතර ඔහු සඳහන් කොට ඇත්තේ මෙම කෝවිල පිහිටි ස්ථානයේ ඉතිහාසය චෝල රජුගේ කාලය දක්වා අතීතයට විහිදී යන බවයි.

එම පුරා වස්තු යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශය වෙත රැගෙන ගොස් ඒවා සංරක්ෂණය කළ යුතු බවටද මහාචාර්යවරයා නිර්දේශ කොට තිබේ.

1956 වසරේදී ද මෙම ස්ථානයෙන් බෞද්ධ පුරාවස්තු රැසක් හමු වූ අතර උරුතිරපුරම් ශිව කෝවිල එම ස්ථානයේ ඉදිකොට ඇත්තේ එම පුරා වස්තු හමුවීමෙන් වසර විස්සකට පසුව බවද වාර්තා වේ.

කෙසේ වෙතත් පසුගියදා එම කෝවිල ආසන්නයෙන් හමු වූ බෞද්ධ පුරාවස්තු තවමත් කෝවිලේ භාරකාර මණ්ඩලය යටතේ පවතී.

දිනසේන රතුගමගේ

https://divaina.lk/%E0%