1994 වසර වන විට ශ්‍රී ලංකාව දෙමළ බෙදුම්වාදයේ යුධමය සහ දේශපාලන බලපෑම්වල දැඩි ග්‍රහණයට ලක් ව තිබුණි. එවකට රටේ නායිකාව වූ චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය ද රටේ ඒකීයභාවය ස්වෛරීභාවය රකින දේශප්‍රේමී කඳවුරකට වඩා සමීප ව කටයුතු කළේ උතුරු හා නැගෙනහිර පළාත් බෙදීම සඳහා ක්‍රියාත්මක වූ ඉන්දියාව, බටහිර රටවල් සහ රාජ්‍ය නොවන සංවිධාන සමග ය.
රටේ බහුතර ජනතාව රට බෙදෙන බලය විමධ්‍යගත කිරීමකට එරෙහි වුව ද එය ප්‍රබල හඬක් නොවූයේ විවිධ ජාතික සංවිධාන හා ජාතික මත දැරූ පුද්ගලයන් එක් පැහැදිලි අරමුණකින් තොර වීම සහ සංවිධානාත්මක ව කටයුතු නොකිරීම නිසා ය. විසිර තිබූ අපේ ජාතික සංවිධානවල බලය වඩාත් තීව්‍ර කිරීම සඳහා එක්ව කටයුතු කිරීම යුගයේ සැබෑ අවශ්‍යතාවක් විය. දේශහිතෛෂී සුජාත පුත්‍රයකු වූ, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතට එරෙහිව තම තීන්දුව දුන් කීර්තිමත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රාජා වනසුන්දර මහතාගේ නායකත්වයෙන් ‘ජාතික ඒකාබද්ධ කමිටුව’ ආරම්භ වූයේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. එහි ලේකම් වූයේ ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙක් වූ ආචාර්ය පියසේන දිසානායක මහතා යි.
ජාතික ඒකාබද්ධ කමිටුවට, ජාතික වශයෙන් වැදගත් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, තරුණ බෞද්ධ සංගමය, පරම විඥාණාර්ථ බෞද්ධ සංගමය, මහාබෝධි සංගමය, ධර්ම විජය පදනම ආදී ගිහි සහ පැවිදි සංවිධාන 54ක් සම්බන්ධ වූ අතර 1995 වර්ෂයේදී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිණිය ගෙනෙන ලද (පැකේජය නම්) යෝජනාවලියට එරෙහිව තෛයිනිකායික මහා නාහිමිවරුන් ඇතුලුව දෙදහස් නමකට අධික වූ හිමිපාණන් වහන්සේලා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට වැඩම කර පවත්වන ලද මහා සම්මේලනය බෙදුම්වාදය ට එරෙහි වැඩසටහනට ශක්තියක් වූ සුවිශේෂ සිද්ධියකි.