හරිශ්චන්ද්‍ර විජේතුංග

ලෝක ජනතාව ගෙන් සැලකිය යුතු කොටසක ගේ මනසට නිදහස නොදී බැඳ තබන ප්‍රධාන පොත් තුනක් වෙයි. මින් පළමු වැන්න නම් ඉතා පුරාණයේ සිට පවතින තනබ ය. එය යුදෙව්වන් ගේ ශුද්ධ ග්‍රන්ථය යි. දෙ වැන්න ක්‍රිස්තියානින් ගේ බෛබලය යි. එයත් ශුද්ධ ග්‍රන්ථය කි. ඉස්ලාමිකයින් ගේ ශුද්ධ ග්‍රන්ථය වන කුරානය තුන් වැනි පොත යි. මේ තුන ම පොදු යුදෙව්-ක්‍රිස්තියානි-ඉස්ලාමික සංස්කෘතිය පාදක කොට විවිධ වකවානුවල දී පහළ වූ ලේ තැවරුණු ඒවා ය.