මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද වූ කලී සිය ජාතභූමිය වූ සිංහලේ උන්නතිය උදෙසා කටයුතු කිරීමට දීර්ඝ කාලයක් යෙදවූ පුද්ගලයෙකි.

සිංහලේ රාජ්‍යයට ඉංග්‍රීසින් කළ විනාශය අනාවරණය කොට,සිංහලයන් අවදිකරවා ඔවුන්ගෙන් උදුරාගනු ලැබූ අයිතිවාසිකම් යළි ලබාගනු වස් සිංහලයන් යොමු කිරීම ඔහුගේ අභිප්‍රාය වූයේය.ඒ වෙනුවෙන් පත පොත ලියූ මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මැතිතුමා “සිංහලයේ සංහාරය” නමින් ග්‍රන්ථමාලාවක් ලියා පළ කිරීමට අදහස් කරගෙන සිටියේය.

ග්‍රන්ථ නවයකින් සමන්විත එම ග්‍රන්ථ මාලාවෙන් එතුමාට ලියා පළ කිරීමට හැකිවුයේ පොත් තුනක් පමණි.

සිංහලයේ සංහාරය 1 – කඩහපොල ස්වාමීන්වහන්සේගේ නඩුව හා මරණය

සිංහලයේ සංහාරය 2 – ලක් රජය හා බුුුුද්ධාගම

සිංහලයේ සංහාරය 3 – 1848 යුධ නීතිය