(දේශපාලන විචාරක, ශෙනාලි වඩුගේ මහත්මිය විසින් පළ කළ Comprehensive Sexuality Education (CSE) & Sexual Orientation & Gender Identity in Sri Lanka නමැති ලිපිය අනුසාරයෙන් සිංහලට පරිවර්තනය කළේ ජීවන්ත ජයතිස්ස)
2024 අගභාගයේදී, ශ්‍රී ලාංකික ගුරුවරුන් පිරිසක් පළාත් පුහුණු මධ්‍යස්ථානයකට රැස්වී ශිෂ්‍ය සුභසාධනය පිළිබඳ නිතිපතා වැඩමුළුවක් යැයි ඔවුන් විශ්වාස කළ වැඩමුළුවකට සහභාගී වූහ. ආරම්භක සැසියෙන් පසුව සහභාගිවූ පිරිසෙන් කිහිප දෙනෙකුට පමණක් මෙම පුහුණුව පුළුල් ලිංගික අධ්‍යාපනය (Comprehensive Sexuality Education- CSE) ලෙස හැඳින්වෙන පුළුල් ගෝලීය වැඩසටහනක කොටසක් බව වැටහුණි. බොහෝ දෙනෙක් මීට පෙර මෙම යෙදුම සම්බන්ධයෙන් අසා නොතිබුණි. වැඩමුළුවට ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අන්තර්ගතයන් (Sexual Orientation and Gender Identity -SOGI) ද ඇතුළත්ව තිබූ බව තේරුම් ගෙන ඇත්තේ ස්වල්ප දෙනෙක් පමණි.
ඒ වන විට, පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය සේවකයින්, වින්නඹු මාතාවන්, නාගරික නිලධාරීන්, තරුණ නිලධාරීන් සහ අධිකරණ සාමාජිකයින්ට පවා මේ හා සමාන සැසි ඒ වන විටත් ලබා දී තිබුණි. එක්සත් ජාතීන්ගේ ආයතන සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇතිව දියත් කිරීම කෙතරම් නිහඬව හා ස්ථාවරව සිදුවී ඇත්ද යත්, මහජනතාව මේ සම්බන්ධයෙන් බොහෝ දුරට නොදැන සිටියහ. නිල ලියකියවිලිවල, වැඩසටහන් “ධාරිතාව වර්ධනය”, “ලිංගික ප්‍රධාන ධාරාවට යොමු කිරීම”, “අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය” හෝ ” ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය(sexual and reproductive health) පුහුණුව” ලෙස විස්තර කර ඇත. නමුත් මෙම තාක්ෂණික ලේබල් පිටුපස පාර්ලිමේන්තු විවාදයක්, මහජන උපදේශනයක් හෝ ව්‍යවස්ථාපිත අධිකාරියක් නොමැතිව ගෝලීය ලිංගික අධ්‍යාපනය සහ ස්ත්‍රී පුරුෂ භාවය අනන්‍යතා රාමු පිළිබඳව රට පුරා හඳුන්වාදීමක් අන්තර්ගත කර තිබුණි.
ශ්‍රී ලංකාව ආර්ථික අස්ථාවරත්වය, සමාජීය පීඩනයන් සහ දේශපාලන සංක්‍රාන්තිය සමඟ පොරබදමින් සිටින විට, CSE-SOIG හඳුන්වාදීම සංස්කෘතිය, නීතිය, ළමා ආරක්ෂාව සහ විදේශීය බලපෑමේ මංසන්ධියේදී නැගී එන විවාදයක් ඇති කර තිබේ. මෙම වැඩසටහන් නවීන, අවශ්‍ය සහ අයිතිවාසිකම් මත පදනම් වූ ඒවා බව සමහර නීතීඥයෝ අවධාරණය කරති. කෙසේ වුවද මෙම වැඩසටහන් දෘෂ්ටිවාදාත්මකව මෙහෙයවනු ලබන, සංස්කෘතික වශයෙන් පරගැති පොදු මහජන අධීක්ෂණය මඟ හරින පරිපාලන කෙටිමං හරහා ක්‍රියාත්මක වන ඒවා වේ.
මෙම ලිපිය මගින් CSE/SOIG ශ්‍රී ලංකාවට ඇතුළු වූ ආකාරය, එය උගන්වන දේ, නීතිමය සහ ව්‍යවස්ථාමය ආතතීන් සහ රටේ ලිංගික අධ්‍යාපනයේ අනාගතය සඳහා අවදානමට ලක්ව ඇති දේ විමර්ශනය කිරීම අරමුණු කර ගෙන ඇත.
ඉගැන්වෙන්නේ කුමක්ද? CSE සහ SOIG අවබෝධ කර ගැනීම
CSE – ගෝලීය රාමුව
පුළුල් ලිංගික අධ්‍යාපනය (CSE) ආරම්භ වූයේ යුනෙස්කෝවේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර තාක්ෂණික මාර්ගෝපදේශය (ITGSE) මගිනි. මූලික ලිංගික අධ්‍යාපනයට වඩා බොහෝ දුර ගොස් පහත සඳහන් දෑ එයට ඇතුළත් වේ:
* ලිංගික හැසිරීම
* කැමැත්ත සහ සන්නිවේදනය
* උපත් පාලන ක්‍රම සහ සතුට
* ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සම්මතයන් සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අනන්‍යතාවය
* ලිංගික දිශානතිය
* උපදේශනය සහ අයිතිවාසිකම්
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) ට අනුව, CSE හි අරමුණ වන්නේ ලිංගිකත්වය සහ අනන්‍යතාවය පිළිබඳව “ස්වාධීන තීරණ” ගැනීමට දරුවන්ව බල ගැන්වීමයි.
SOIG – අයිතිවාසිකම් මත පදනම් වූ අනන්‍යතා රාමුවක්
SOIG මගින් ආවරණය කරන මොඩියුල:
* ලිංගික දිශානතිය
* ස්ත්‍රී පුරුෂ භාවය අනන්‍යතාවය සහ ප්‍රකාශනය
* ලිංගික ලක්ෂණ
ලොව පුරා, මෙම වැඩසටහන් මගින් සංක්‍රාන්ති ලිංගික, ද්විමය නොවන, චලනය වන ස්ත්‍රී පුරුෂ භාවය සහ සමලිංගික අනන්‍යතා ඇතුළු විවිධ අනන්‍යතා පිළිගැනීම ප්‍රවර්ධනය කරයි. මේවා ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව සංවේදී සහ සංස්කෘතික වශයෙන් දැඩි මතභේදයට තුඩු දෙන මාතෘකාවේ.
CSE/SOIG ශ්‍රී ලංකාවට ඇතුළු වූ ආකාරය: ක්‍රියාත්මක කිරීමේ සමාන්තර පද්ධතිය
පාර්ලිමේන්තුව හෝ ජාතික ප්‍රතිපත්ති නියෝගයක් හරහා ඇතුළු වීමට වඩා, CSE සහ SOIG විමධ්‍යගත ජාලයක් මගින් එක්සත් ජාතීන්ගේ අරමුදල් සහිත පුහුණු, රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන වැඩමුළු සහ අමාත්‍ය චක්‍රලේඛ හරහා කඩා වැදුනේය. මෙම ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදී අධීක්ෂණයෙන් පිටත ක්‍රියාත්මක වන සෙවනැලි අධ්‍යාපන ප්‍රතිපත්තියක් තිබෙන බව අවධාරණය කරමු.
ඉලක්කගත ප්‍රධාන අංශ
1. අධ්‍යාපන පද්ධතිය
ගුරු-අධ්‍යාපනඥයින් සඳහා UNFPA මගින් පුහුණුකරුවන් පුහුණු කිරීම 2016 දක්වා අතීතයකට දිව යයි. මෙම සැසි මගින් ගුරුවරුන් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය, කැමැත්ත සහ පසුව ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සම්මතයන් පිළිබඳව පුහුණු කළේය.
2. පොලිසිය
2022 සිට, පොලිස් ඇකඩමිය LGBTIQ සංවේදීතා වැඩමුළු පවත්වා ඇත. 2024 සහ 2025 දී, පොලිසියට SOIGESC අයිතිවාසිකම් පිළිබඳ ඔවුන්ගේ පළමු පූර්ණ පුහුණුව ලැබුණි. දණ්ඩ නීති සංග්‍රහය තවමත් ඇතැම් ලිංගික ක්‍රියාවන් අපරාධයක් ලෙස සලකන රටකට පෙර නොවූ විරූ පියවරකි.
3. සෞඛ්‍ය අංශය
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පවුල් සෞඛ්‍ය කාර්යාංශය සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ කාර්ය මණ්ඩල පුහුණුවට ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අනන්‍යතා සංකල්ප ඇතුළත් කරන ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රධාන ධාරාවට ගෙන ඒමේ මාර්ගෝපදේශ අනුගමනය කළේය.
4. තරුණ හා වෘත්තීය පුහුණුව
වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) CSE/SRH මොඩියුල තරුණ වැඩසටහන් වලට ඒකාබද්ධ කළේය, විශේෂයෙන් පාසලෙන් බැහැර නව යොවුන් වියේ පසුවන්නන් මේ සඳහා ඉලක්ක කළේය.
5. ළමා ආරක්ෂණ ආයතන
ළමා ආරක්ෂණ අධිකාරිය සහ පරිවාස දෙපාර්තමේන්තු වැඩසටහන් වලට SRH/CSE අන්තර්ගතය ඇතුළත් වූ අතර, එමගින් බාල වයස්කරුවන් සමඟ සෘජුව වැඩ කරන නිලධාරීන්ට බලපෑම් කළේය.
6. පළාත් පාලන
දිවයින පුරා මහ නගර සභා ඉලක්ක කරගත් රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන වැඩමුළු මගින් ස්ත්‍රී පුරුෂ භාවය අනන්‍යතාවය සහ අයිතිවාසිකම් මත පදනම් වූ SOIG අන්තර්ගතයන් හඳුන්වා දෙන ලදී.
7. යුක්තිය සහ නීති අංශය
නීතිඥයින් සහ විනිසුරුවන් සඳහා වන SOIGESC දැනුවත් කිරීමේ වැඩමුළු මගින් නීති කතිකාව තුළ අයිතිවාසිකම් ගැටළුවක් ලෙස ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අනන්‍යතාවය සකස් කර ඇත.
මෙම වැඩසටහන් පිටුපස සිටින්නේ කවුද?
බොහෝ වැඩසටහන් සඳහා අරමුදල් සපයනු ලබන්නේ හෝ ක්‍රියාත්මක කරනු ලබන්නේ:
* එක්සත් ජාතීන්ගේ ආයතන: UNFPA, UNESCO, UNICEF, WHO
* විදේශ අරමුදල් සපයන රාජ්‍ය නොවන සංවිධාන: Equal Ground, FPASL, ICJ, BRIDGE to Equality
* ලිංගික අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රවර්ධනය කරන ගෝලීය ජාල
මෙම ආයතන විසින් සපයනු ලබන මග පෙන්වීම අනිවාර්ය නොවේ, උපදේශාත්මකය. එහෙත් අමාත්‍යාංශ තුළ ක්‍රියාත්මක කිරීම බොහෝ විට අනිවාර්ය පුහුණුවට සමාන වී ඇත.
නීතිමය සහ ව්‍යවස්ථාමය ප්‍රශ්න: මෙම වැඩසටහන් නීත්‍යානුකූලද?
පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව SOIG මත පදනම් වූ අන්තර්ගතයන් හඳුන්වාදීම ගැටළු කිහිපයක් මතු කර තිබේ.
1. සංස්කෘතිය සහ ආගම පිළිබඳ ව්‍යවස්ථාමය ආරක්ෂාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 10, 11, 12, 14, 27(14) සහ 28 වගන්ති මගින් ආරක්ෂා කර ඇති:
* ආගමික සම්ප්‍රදායන්
* මහජන සදාචාරය
* ළමා අයිතිවාසිකම්
* අධ්‍යාපන ප්‍රමිතීන්
SOIG මත පදනම් වූ උපදෙස් විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ චලනයන් සම්බන්ධයෙන් හන්දුන්වා දෙන දේ සමඟ මෙම ආරක්ෂණ ගැටීමට තුඩු දේ.
2. දණ්ඩ නීති සංග්‍රහ ගැටුම්
365 සහ 365A වගන්ති, මතභේදාත්මක වුවද, එය ලංකාවේ නීතිය ලෙස පවතී. විවිධ ලිංගික දිශානතීන් “සාමාන්‍ය” බව ඉගැන්වීම පවතින නීතිමය අර්ථ දැක්වීම්වලට පටහැනි වේ.
3. Ultra Vires හෙවත් බල සීමාවෙන් ඔබ්බට ක්‍රියාත්මක වීම
රාජ්‍ය සේවකයින්ට ඔවුන්ට හිමි නීතිමය බල සීමාව ඉක්මවා වැඩසටහන් ක්‍රියාත්මක කළ නොහැක. ව්‍යවස්ථාදායක අනුමැතියකින් තොරව දෘෂ්ටිවාදය මත පදනම් වූ SOIG අන්තර්ගතයන් පිළිබඳව ගුරුවරුන්, පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරීන් පුහුණු කිරීම පරිපාලනමය වශයෙන් අධික ලෙස සැලකීමක් ලෙස සැලකිය හැකිය.
4. සමානුපාතිකත්වය නොමැතිකම
පාසල්වල ළමයින් අතර පුළුල් වෙනස්කම් කිරීමක් හෝ ප්‍රචණ්ඩත්වයක් සිදුවන බවට කිසිදු ජාතික සංඛ්‍යාලේඛනයක් පෙන්නුම් නොකරන තත්වයක් තුළ මහා පරිමාණ SOIG විෂයමාලා ප්‍රතිසංස්කරණය සාධාරණීකරණය කිරීමට උත්සහා කරමින් සිටියි.
මතභේදයේ හදවත: දරුවන් ඉගෙන ගත යුත්තේ කුමක්ද?
ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට අවශ්‍ය අධ්‍යාපනය වන්නේ ‘පිරිමි’ හෝ ‘ගැහැණු’ ලෙස ඔවුන්ට පවරා ඇති ජීව විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳ ඉගෙන ගැනීම මිස මිනිසෙකුට හෝ ගැහැණියකට ලිංගික හැඟීම් සඳහා ඇති හැකියාව පිළිබඳ ඉගෙන ගැනීම නොවේ.
1. චලනයක පවතින්නේ යැයි උගන්වන ස්ත්‍රී පුරුෂ භාවය අනන්‍යතාවය
දරුවන්ට ස්ත්‍රී පුරුෂ භාවය තෝරා ගැනීමට හෝ වෙනස් කිරීමට හැකි බව ඉගැන්වීම ජීව විද්‍යාත්මක ඉගැන්වීම් සහ සංස්කෘතික අපේක්ෂාවන්ට පටහැනි වේ.
2. සම්මතයක් ලෙස ප්‍රවර්ධනය කරන ලද ලිංගික දිශානතිය
සාමාන්‍ය ලෙස බහු ලිංගික දිශානති ඉදිරිපත් කිරීම, බාල වයස්කරුවන්ට නුසුදුසු වන අතර පවතින නීතියට පටහැනි වේ.
3. ගවේෂණය හෝ අත්හදා බැලීම දිරිමත් කිරීම
ළමුන්ට ඔවුන්ගේ අනන්‍යතාවය ගවේෂණය කිරීමට හෝ වෙනස් ලිංගයක් ලෙස සිතීමට ඉල්ලා සිටින අභ්‍යාස ළමා මනස ව්‍යාකූලත්වයට හෝ ආතතියට පත් වීමට හේතු වේ.
4. බාලවයස්කරුවන් සඳහා සකස් කරන ලද අයිතිවාසිකම් මත පදනම් වූ උපදේශනය
දරුවන්ට “ඔවුන්ගේ ලිංග අනන්‍යතාවය තෝරා ගැනීමේ අයිතිය” ඇතැයි උගන්වන පාඩම එක්තරා ආකාරයක දේශපාලන ක්‍රියාකාරීත්වයක් බවට පරිවර්තනය කරනු ලබයි.
ඉහත කාරනා වෙනුවට ශ්‍රී ලංකාව ඉගැන්විය යුත්තේ කුමක්ද? යෝජිත ආකෘතියක්
ප්‍රාථමික (1–5 ශ්‍රේණි)
* සනීපාරක්ෂාව
* ශරීර ස්වාධීනත්වය
* ගෞරවය සහ හිරිහැර විරෝධය
පහළ ද්විතීයික (6–9 ශ්‍රේණි)
* වැඩිවිය පැමිණීම
* ජීව විද්‍යාත්මක ප්‍රජනනය
* අපයෝජන වැළැක්වීම
* ඩිජිටල් ආරක්ෂාව
ඉහළ ද්විතීයික (10–13 ශ්‍රේණි)
* උපත් පාලන ක්‍රම
* ලිංගාශ්‍රිත රෝග වැළැක්වීම
* නීතිමය වගකීම
* ජීවිත සැලසුම් කිරීම සහ වෘත්තීය කුසලතා
මෙම ආකෘතිය දෘෂ්ටිවාදාත්මක අන්තර්ගතයකින් තොරව දරුවාගේ ශාරීරික සෞඛ්‍යය, ජීව විද්‍යාත්මක කරුණු සහ සදාචාරාත්මක සංවර්ධනය අවධාරණය කරයි.
දෙමාපියන් බැහැර කිරීම: අතුරුදහන් වූ කොටස්කරු
CSE-SOIG හි වේගවත්, ප්‍රසිද්ධ නොකළ හඳුන්වාදීම දෙමාපියන් ව්‍යාකූල කර බල රහිත කර ඇත. කාදිනල් මැල්කම් රංජිත් මෑතකදී ඉල්ලා සිටි පරිදි, අධ්‍යාපන අමාත්‍යාංශය “දෙමාපියන්-මූලික කොටගත්” ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බව ලාංකික දෙමව්පියන්ගේ දැඩි විශ්වාසයයි.
“එවැනි සංවේදී කරුණු පිළිබඳව දරුවන් දැනුවත් කිරීමට පෙර දෙමාපියන් දැනුවත් කළ යුතුය.”
මෙම හැඟීම CSE පිළිගත් බොහෝ රටවල ප්‍රතිරාව දෙන නමුත් දෙමාපියන්ගේ ප්‍රතික්‍රියාවෙන් පසුව එහි විෂය පථය නැවත සලකා බැලීමට සිදුවිය.
මෙය ගෝලීය න්‍යාය පත්‍රයක්ද?
පුහුණු ලේඛන, ප්‍රතිපත්ති පත්‍රිකා සහ UNFPA හි 2023–2027 දේශීය වැඩසටහනෙන් ලැබෙන සාක්ෂිවලින් පෙනී යන්නේ:
* CSE-SOIG සම්බන්ධීකරණය කරන ලද ගෝලීය රාමුවක කොටසකි.
* ක්‍රියාත්මක කිරීම මෙහෙයවනු ලබන්නේ පරිත්‍යාගශීලීන්ගේ අරමුදල් සහ ජාත්‍යන්තර දායකත්වය මගිනි.
* ජාතික ව්‍යවස්ථාදායකයේ අධීක්ෂණයක් නොමැත.
* දේශීය සංස්කෘතික සම්මතයන් සහ ආගමික සංවේදීතාවන් ප්‍රමාණවත් ලෙස සලකා බලා නොමැත.
ශ්‍රී ලංකාවේ සිදුවන මෙම ක්‍රියාව්ලිය දේශීය අවශ්‍යතාවයට දක්වන ප්‍රතිචාරයක්ද යන්න කෙසේ වුවත් ජාත්‍යන්තර ආයතනවලින් ප්‍රතිපත්ති මාරු කිරීමේ ක්‍රියාවලියක් ලෙස පැහැදිලිව පෙනේ.
කේන්ද්‍රීය ප්‍රශ්නය: ‘පිරිමි’ හෝ ‘ගැහැණු’ ලෙස පුද්ගලයෙකුට පවරා ඇති ජීව විද්‍යාත්මක ලක්ෂණ හැදෑරීම වෙනුවට පුද්ගලයෙකුට ලිංගික හැඟීම් සඳහා ඇති හැකියාව හැදෑරීමෙන් ප්‍රතිස්ථාපනය කර ඇත.
පවතින සාක්ෂි මත පදනම්ව, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මෙම ක්‍රියාවලිය මෙසේ විද්‍යාමාන වේ:
* ජීව විද්‍යාව පදනම් කරගත් අන්තර්ගතයෙන් ලිංගික අන්තර්ගතයට අධ්‍යාපනය පුළුල් කිරීම.
* අනන්‍යතාවය මත පදනම් වූ ලිංගික අධ්‍යාපනය දෙසට දිශානති වීම.
* මහජන විවාදයක් හෝ නීතිමය නියෝගයක් නොමැතිව ක්‍රියාත්මක වීම.
මෙම ගමන් පථය තුල දිගටම ගමන පැවතුනහොත්, පාසල්වලට CSE හි පුළුල් ධජය යටතේ SOIG අන්තර්ගතය ඇතුළත් කිරීම වැඩි වැඩියෙන් දැකිය හැකිය.
ශ්‍රී ලංකාවට අදාළ වන කොටස්
CSE සහ SOIG වටා ඇති ගැටළු හුදෙක් අධ්‍යාපනික නොවේ – ඒවා ව්‍යවස්ථාමය, සංස්කෘතික, නීතිමය සහ දේශපාලනික වන්නේය. ඒවා පහත සඳහන් මූලික ප්‍රශ්න මතු කරයි:
* ශ්‍රී ලංකාවේ දරුවන් ඉගෙන ගත යුතු දේ තීරණය කරන්නේ කවුද?
* ගෝලීය රාමු මත පිහිටා ජාතික වටිනාකම් හැඩගස්වා ගත යුතුද?
* සංවේදී විෂයමාලා තීරණය කිරීමේදී දෙමාපියන්ගේ කාර්යභාරය කුමක්ද?
* රාජ්‍ය සේවකයින්ට ව්‍යවස්ථාදායක අනුමැතියකින් තොරව දෘෂ්ටිවාදාත්මක අන්තර්ගතය ක්‍රියාත්මක කළ හැකිද?
මෙම විමර්ශනාත්මක සමාලෝචනය පැහැදිලිවම , CSE-SOIG වටා ඇති විවාදය ලිංගික අධ්‍යාපනය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් නොවේ. එය ලිංගික අධ්‍යාපනය නිර්වචනය කරන්නේ කෙසේද, එය පාලනය කරන්නේ කවුද සහ ගෝලීය අනන්‍යතාවය පදනම් කරගත් රාමු ශ්‍රී ලාංකික දරුවන්ට සුදුසුද යන්න පිළිබඳව ය.
නිගමනය: විනිවිදභාවය සහ විවාදය සඳහා කැඳවීමක්
ශ්‍රී ලංකාව සන්ධිස්ථානයකට පැමිණ සිටියි. ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනය අවශ්‍යය නමුත් එය ලංකාවේ නීතිය, සංස්කෘතික වටිනාකම්, විද්‍යාත්මක නිරවද්‍යතාවය, ළමා සංවර්ධන මූලධර්ම සහ ප්‍රජාතන්ත්‍රවාදී අධීක්ෂණය මගින් හැඩගැස්විය යුතුය.
CSE හි ආධාරකරුවන් තර්ක කරන්නේ එය ආරක්ෂාව සහ නූතනත්වය ගෙන එන බවයි. දෘෂ්ටිවාදාත්මක සීමාව ඉක්මවා යාම, නීතිමය ගැටුම් සහ දෙමාපියන්ගේ අයිතිවාසිකම් ඛාදනය වීම සම්බන්ධයෙන් ගත් කළ මෙය ළමා පරපුර කේන්ද්‍ර කරගත් බරපතල ව්‍යසනයකට ජාතිය දිශානති කරවන ක්‍රීඩාවකි..
අවසාන වශයෙන් මෙම කාරණයේදී මහජනතාවට විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බව තහවුරු විය යුතු අතර, පාර්ලිමේන්තුව ඊට සම්බන්ධ විය යුතුය.
ශ්‍රී ලංකාව ජාතියක් වශයෙන් එම ප්‍රවේශය ගන්නා තෙක්, ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපන භූ දර්ශනය ගෝලීය න්‍යාය පත්‍ර, සංස්කෘතික අනන්‍යතාවය සහ ළමා ආරක්ෂාව ගැටෙන නිහඬ සටන් බිමක් ලෙස පවතින බව අවධාරණය කරමු.
Comprehensive Sexuality Education (CSE) & Sexual Orientation & Gender Identity in Sri Lanka
by Shenali Waduge ·

Comprehensive Sexuality Education (CSE) and Sexual Orientation & Gender Identity (SOGI) programs, promoted by UNESCO, UNFPA, UNICEF, and WHO, aim to teach children about puberty, sexual behavior, consent, contraception, and gender-related topics. However, in Sri Lanka, these programs raise serious constitutional, legal, and cultural concerns. CSE and SOGI have entered Sri Lanka through Embassy/UN/NGO-led trainings for teachers, police, health staff, and municipal officials—often via circulars, MOUs, or policy guidelines—without parliamentary approval, risking ultra vires implementation.
- What Are CSE and SOGI?
- CSE: Education on relationships, sexual health, consent, contraception, and puberty. Based on UNESCO’s ITGSE.
https://www.unfpa.org/sites/default/files/pub-pdf/ITGSE.pdf
- SOGI: Refers to sexual orientation, gender identity/expression, and sex characteristics. In schools, it often promotes non-traditional gender roles and sexual identities.
- How CSE/SOGI Entered Sri Lanka
- Promoted by UN agencies (UNESCO, UNFPA, UNICEF, WHO) and donor-funded NGOs. Guidance is advisory, not legally binding but have been given mandatory training in Ministries/Depts etc.
- Public-sector training recipients include:
- Teachers: Colleges of Education, teacher-trainers on sexual/reproductive health.
- Police: LGBTQ+ sensitivity workshops, circulars for handling LGBTIQ persons.
- Health staff: Gender-mainstreaming and SRH training.
- Youth centers / VTA: SRH/CSE modules.
- Child-protection officers: Training includes SRH/CSE elements.
- Legal professionals: Workshops on SOGIESC rights.
- Trainings delivered mostly by UNFPA, Equal Ground, FPASL, ICJ, and BRIDGE to Equality.
Breakdown of training:
- Ministry of Education — teachers & Colleges of Education (teacher-training on SRH/CSE).
- Sri Lanka Police / Police Academy — LGBTIQ sensitivity training and Police circulars on handling transgender/LGBTIQ persons.
https://www.adaderana.lk/news.php?nid=106454&
- Ministry of Health / Family Health Bureau — gender-mainstreaming guidance and health staff training on gender & SRH.
- Vocational Training Authority (VTA) / youth centres — SRH/CSE modules and trainer manuals for VTA institutes (out-of-school youth training).
https://srilanka.unfpa.org/sites/default/files/pub-pdf/G2G-5.pdf
- National Child Protection Authority (NCPA) / child-protection officers — child-protection trainings that include SRH/CSE elements and awareness programmes.
https://childprotection.gov.lk/en/what-we-do/programme-development-services?
- Local government authorities / municipal officials — sensitisation workshops led by NGOs (e.g., Equal Ground) across many towns and local councils.
https://www.equal-ground.org/our-work/
- Legal professionals / justice sector actors — SOGIESC/legal rights workshops and related trainings (NGO / ICJ / civil-society events).
https://76crimes.com/2021/12/24/sri-lanka-court-oks-case-seeking-to-ban-anti-lgbti-police-training/
- NGOs & UN agencies as implementers/ trainers (UNFPA, FPASL, Equal Ground, etc.) — they deliver training across the public sector.
https://srilanka.unfpa.org/sites/default/files/pub-pdf/UNFPA%20G2G%20Post%20Brief%20FINAL.pdf
- Ministry of Education (teachers & Colleges of Education / National Teacher-Training Colleges)— teacher-training on sexual & reproductive health / CSE.
- Sri Lanka Police / Police Academy— LGBTIQ/transgender sensitivity training and the IGP’s circular on handling transgender/LGBTIQ persons.
https://www.equal-ground.org/wp-content/uploads/Circular-English.pdf
January 2024 — first “groundbreaking” SOGIESC training for in-service officers.
https://lankanewsweb.net/archives/51176/police-academy-launches-groundbreaking-training-initiative-on-sogiesc-rights-for-in-service-officers
March 2025 — first-ever 5-day LGBTQ+ rights training, at Katana Police Training Institute.
https://ceylontoday.lk/2025/03/12/sl-police-launch-first-training-on-lgbtq-rights/
April 2024 — IGP circular No. 2740/2022 (revised “transgender community” term to “LGBTIQ community”) was
- Ministry of Health — Family Health Bureau & health staff— gender-mainstreaming guidance and health-sector training on gender and SRH.
- Vocational Training Authority (VTA) / youth training centres— SRH/CSE modules and trainer manuals for out-of-school youth/VTA institutes.
https://srilanka.unfpa.org/sites/default/files/pub-pdf/G2G-5.pdf
- National Child Protection Authority (NCPA) / Department of Probation & Child Care Services— child-protection training programmes that include SRH/CSE elements for child-protection officers and care centres.
https://childprotection.gov.lk/images/news/national-guidelines–minimum-standards-for-CDC-in-SL-e.pdf
- Ministry of Women, Child Affairs & Social Empowerment— gender-mainstreaming manuals, national policy and multi-sectoral action plans that underpin sectoral trainings.
https://www.childwomenmin.gov.lk/uploads/common/manual-on-gender-mainstreaming.pdf
- Local government authorities / Municipal Councils— sensitisation workshops run by NGOs (Equal Ground and partners) across many towns and councils.
https://www.equal-ground.org/our-work/
- Legal professionals / Judiciary / Legal Aid Commission staff— SOGIESC / legal-awareness workshops for judges, lawyers and legal officers (ICJ / BRIDGE to Equality).
https://www.icj.org/sri-lanka-legal-professionals-awareness-workshop-on-sogiesc-equality/
- Health professional bodies (e.g., Sri Lanka Medical Association) & midwives— participated in CSE/SRHR sessions and sectoral capacity-building supported by UNFPA.
- NGOs and UN agencies as implementers / trainers— UNFPA, FPASL, Equal Ground, ICJ, BRIDGE to Equality and others delivering training across the above public bodies.
https://srilanka.unfpa.org/sites/default/files/pub-pdf/unfpa_sri_lanka_annual_report_2023.pdf
- Ministry of Education / Colleges of Education (teacher trainers)
September 2016 — UNFPA “Training of Trainers” for teacher-educators in Colleges of Education
- Ministry of Health / Family Health Bureau – Gender-mainstreaming policy + SRH training for health workers
Ongoing; the Guideline for Gender Mainstreaming in Health Policies (2025) includes training framework.
https://www.childwomenmin.gov.lk/uploads/common/manual-on-gender-mainstreaming.pdf
June 2025 — Health Education Officers trained by UNFPA + Health Promotion Bureau on SGBV / gender equality.
- Vocational Training Authority (VTA) / Youth Centres – SRH / CSE modules for out-of-school youth and trainer manuals.
https://srilanka.unfpa.org/sites/default/files/pub-pdf/G2G-5.pdf
- Ministry of Women, Child Affairs & Social Empowerment (MWCA) – Gender-mainstreaming guidance; staff trained to implement SGBV / gender norm change. MWCA Manual for Gender Mainstreaming (2016) but guidance still used.
- Local Government / Municipal Authorities – Sensitisation workshops on gender norms, SOGI, GBV (via NGOs) No reliably dated public sourcefor specific workshops by year. (Original list claimed Equal Ground, but no publicly verified date for local councils.)
- Legal Professionals / Judiciary / Justice Sector – SOGIESC / legal-rights workshops for lawyers, judges, legal officers. There is ongoing civil society / ICJ involvement. Bridge to Equality has documented work.
https://bridge2equality.org/protecting-transgender-persons-going-beyond-the-rule-by-circular/
- Health-professional Bodies (e.g., Medical Association, Midwives) – Capacity building via UNFPA for SRHR / CSE / gender issues. 2024 — UNFPA annual report says it supported a session on CSE with the Sri Lanka Medical Association during its Academic Sessions.
- Multi-Sector via UNFPA / UN-NGO Partners – Capacity building / coordination for SGBV, SOGI, gender, SRH across government agencies. The UNFPA 2023-2027 Country Programme Documentincludes “gender & social norms” capacity building for public sector
https://srilanka.unfpa.org/en/publications/country-programme-document-sri-lanka-2023-2027
The Issue: These programs lack statutory backing and allowing such training may exceed public servants’ lawful authority.
- Legal & Constitutional Concerns
- Constitution: Articles 9, 10, 11, 12, 14, 27(14), 28 protect culture, morality, religion, child rights, and education.
- Penal Code: Sections 365 & 365A criminalize certain sexual acts; promoting SOGI may conflict with current law.
- Public Officer Liability: Acting beyond statutory powers (ultra vires) risks administrative, civil, or criminal liability.
- Proportionality: Sri Lanka has no evidence of widespread SOGI-related discriminationin schools/public sector.
- Why SOGI is Not Proportionate for Sri Lanka
- International advocacy—not domestic need—drives CSE -SOGI inclusion.
- No binding international treaty obliges Sri Lanka to adopt CSE-SOGI education.
- Education should prioritize child protection, biology-based health, and moralityover identity politics.
- Modules to Exclude from Sri Lanka Curriculum
That Gender identity as fluid or choosable
- Teaching children that their gender identity can be freely chosen or changed contradicts biological realities.
- Encouraging exploration of gender identity at a young age can create confusion, emotional distress, and conflict with cultural and family norms.
- Sri Lanka’s education should focus on age-appropriate understanding of male/female biology and respect for natural bodily development.
That Sexual orientation or non-heterosexual relationships as normative
- Promoting homosexuality, bisexuality, or other sexual orientations as “normal” in school lessons may conflict with current Penal Code provisions (Sections 365/365A) and prevailing cultural values.
- Children are not legally or developmentally equipped to navigate sexual identity at a young age.
- Education should focus on healthy relationships, consent, and personal boundaries without presenting sexual orientation as a matter of choice or advocacy.
Classroom encouragement of gender exploration, transitioning, or sexual experimentation
- Any exercises, role-play, or discussions that encourage children to experiment with gender or sexual behaviors are inappropriate for minors.
- Such activities can expose children to psychological stress, confusion, and potential coercion, violating child-protection principles.
- Schools should provide factual education on puberty, reproductive health, and safety, not guided identity or sexual experimentation.
Rights-based advocacy framing SOGI for minors
- Teaching SOGI as a rights agenda (e.g., “you have the right to choose your gender or sexual orientation”) is advocacy, not education.
- Framing sexual orientation or gender identity as a rights campaign in schools can politicize children and push an ideology, rather than promote knowledge or protection.
- Schools should teach neutral civic values, legal literacy, and anti-bullying principles, without endorsing SOGI activism.
Sri Lanka’s curriculum should avoid teaching gender ideology or sexual identity advocacy to minors. Education must remain age-appropriate, factual, and protective, focusing on biology, health, consent, safety, and moral development.
- Age-Appropriate Curriculum Recommendations
Primary (Grades 1–5): Body safety, personal hygiene, basic menstruation, anti-bullying, respect for others.
Lower Secondary (Grades 6–9): Puberty, reproductive biology, HIV/STI facts, consent, sexual abuse prevention, internet safety.
Upper Secondary (Grades 10–13): Contraception facts, reproductive health services, legal protections, vocational/life planning.
Sex Education for Sri Lanka’s Children must focus on health, legal responsibilities, child protection, and life skills—excluding CSE-SOGI advocacy or gender ideology.
Key Question: Is the Government Replacing Sex Education with Sexuality Education?
The crucial concern is whether the Government intends to replace traditional sex education with CSE-SOGI programs, shifting the focus from age-appropriate biology-based health education to sexuality-based identity and rights advocacy.
Current evidence of mandatory training, NGO-UN guidance, and curriculum discussions suggests that public servants are being directed to implement modules that go beyond biological sex education, moving toward SOGI advocacy and gender ideology—without parliamentary sanction or proportional domestic need.
Sri Lanka can provide age-appropriate, biology-based sexual health education to meet public health and child-protection goals without adopting SOGI advocacy or gender-identity ideology.
The current CSE-SOGI initiatives:
- Lack parliamentary mandate, potentially exceeding lawful authority.
- Contradict constitutional provisions protecting culture, religion, and child rights.
- Have no statistical or proportional domestic justification for extensive campaigns and training.
- Risk replacing factual sex education with sexuality education framed around ideology.
As suggested by the Cardinal, the Education Ministry should teach sex education to parents first, ensuring families are prepared to guide children appropriately.
Shenali D Waduge
https://lankaleader.com/lankaleader/page/10?post_id=15319
https://www.shenaliwaduge.com/comprehensive-sexuality-education-cse-sexual-orientation-gender-identity-in-sri-lanka/



