//ඉඩම් නිරවුල් කරන පනතට මුවා වී කරන්න හදන වැඩක් //
//සිවිල් නීති කඩ කරන බව කියමින් යාන්ත්‍රණය බිය වද්දන උත්සාහයක්//
//ඉඩම් නිරවුල් කිරීම නීතියට අනුව කරන්න ඉඩ නොදී කරන කඩාකප්පල්කාරී වැඩ//
//වඩමාරච්චි ප්‍රදේශයේ ගම් දෙකක ප්‍රශ්නයක් දුර දිග අරන් ගිය හැටි //
//දෙමළ රාජ්‍ය පක්ෂය මගින් ආණ්ඩුවට තර්ජනාත්මක ලියුම්//
//නීතිපතිගෙන් උපදෙස් අරන් ආණ්ඩුවට මේ වැඩේ අනාගන්න නැතුව කළ හැකිද //
රටක ඉඩම් නීත්‍යානුකූලව නිරවුල්ව තබා ගැනීම රාජ්‍ය ඒකාග්‍රතාවයට අතිශය වැදගත් කාරණයකි.මෙකී අවශ්‍යතාවය සඳහාම 1903 දී බ්‍රිතාන්‍ය පාලන සමයේදීම ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී.එකී දෙපාර්තමේන්තුව යටතේ 1927 දී ඉඩම් කොමිෂන් සභාව වාර්තාවක් එළිදක්වන ලද අතර එය මත පදනමි ව ඉඩම් නිරවුල් කිරීම සම්බන්ධව වැදගත් පණත් දෙකක් සම්මත කරන ලදී.ඒ 1931අංක 20 දරණ ඉඩමි හිමිකම් නිරවුල් කිරීමේ ආඥා පනත සහ 1935 ඉඩම් සංවර්ධන ආඥා පනත් වෙි.රාජ්‍ය මෙන්ම පුද්ගලික ඉඩම් වල හිමිකම් සඳහාද මෙකී පණත් මගින් ආවරණය වෙි.ඒ අනුව එවකට සිට වර්තමානය දක්වාම අපේ රටේ සෑම පළාතකම පුද්ගලික මෙන්ම රාජ්‍ය අංශයේ ඉඩම් නිරවුල් පවත්වාගෙන යාමෙි කටයුතු ඒ ආකාරයට සිදුවේ.
ඒ අනුව අපේ රටේ විවිධ ප්‍රදේශයන්හි පවතින ඉඩම්වල ගැටලු නිරාකරණය කොට මැනීම සිදුකර රජයේ ඉඩම් වෙන්කොට දක්වා ගම් සිතියම් සකස් කිරීම මෙම නිරවුල් කිරීමේ ක්‍රියාවලියයි.එසේ නිරවුල් කිරීම ඇරඹෙන්නේ කිසියම් ගමක නාමයන්, දිය පහරවල්,මං මාවත්,ආගමික ස්ථාන.. ආදී සියල්ල මූලික ගැසට් පත්‍රයක පළ කිරීමෙනි.මාස තුනක් ඇතුළත එකී ගම්වැසියන් තමන්ගේ හිමිකම් ඉදිරිපත් කළ යුතු වෙයි.ඒ අනුව එකී හිමිකම් සලකා බලා පරීක්ෂණයකට භාජනය කර රාජ්‍ය සහ පෞද්ගලික වශයෙන් ඉඩම් වෙන්කර ඉඩමි නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අවසන් ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබේ.ඉඩමක නිරවුල් භාවය තීරණය කිරීමේ සාමාන්‍ය ක්‍රියාවලිය මෙයයි.
අප මේ ආකාරයට ප්‍රවේශ වූයේ යාපනයේ වඩමාරචිචි ප්‍රදේශයේ ගමි දෙකක ඉඩම් නිරවුල් කිරීමේ කටයුතුවලට අදාළව ඇතිවූ තරමක ආන්දෝලනාත්මක තත්ත්වය නිසාය.මේ සම්බන්ධ කාරණාව සැකවින් දක්වතොත් ඉඩම් නිරවුල් කිරීමෙි දෙපාර්තමේන්තුව විසින් 2025/03/28 දින අංක 2430 දරණ ගැසට් නිවේදනය මගින් යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ අංක 5617 සහ 5618 යන ග්‍රාමයන්හි ඉඩම් නිරවුල් කිරීමේ කටයුතු සිදුවන බව දන්වන ලදී.ඒ අනුව උතුරේ දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් විසින් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් විශේෂ සාකච්ඡාවක් ඉල්ලා සිටින ලද අතර පසුගිය මැයි 23 වන දින අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා කෘෂිකර්ම,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත හා රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු කමිටු ශාලාවක මෙකී සාකච්ඡාව පැවැත්වුණි.මෙයට විපක්ෂ නියෝජනය කරමින් කිසිදු සිංහල මන්ත්‍රීවරයකු සහභාගී නොවීමද විශේෂත්වයකි.කෙසේ වුවද මෙම සාකච්ඡාවට සහභාගී වූ දෙමළ මන්ත්‍රීවරුන් වඩමාරච්චි ප්‍රදේශයේ ජනයාගේ ඉඩම්වලට හිමිකම් පෑමට ඇති හැකියාව ලේඛන යුද මේ වාතාවරණය යටතේ අහිමි වී ගොස් ඇති බැවින් මෙකී ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා තිබුණි.මෙහි ඇති විශේෂත්වය නම් මෙකී මන්ත්‍රීවරුන් විසින් 2025/05/03 දිනදා සෘජුවම ජනාධිපතිවරයාට ලිපියක් යවමින් මෙකී ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා තිබුණ අතර අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමෙන් පසුවද මෙකී ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස යළි 2025/05/27 දින ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබුණි.මේ ලිපි දෙකම යොමු කර තිබුණේ දෙමල රාජ්‍ය පක්ෂයේ ලේකම් සුමන්තිරන් මහතාගේ සහ සභාපති ශිවඥානම් මහතාගේ අත්සන් මගින් දෙමළ රාජ්‍ය පක්ෂයේ ලිපි ශීර්ෂය යටතේය.නමුත් සාපේක්ෂව දෙවන ලිපිය මගින් ආණ්ඩුවට පැහැදිලි තර්ජනයක් යොමු කර ඇති බව පෙනේ.එකී ලිපිය පරිදි සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ ගැසට් නිවේදනය අවලංගු නොකළහොත් මහජන විරෝධතා හා සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාර පවා සිදු කිරීමට සිදුවන බවයි.සුමන්තිරන් මහතාගේ තර්ජනය හමුවේ ආණ්ඩුව මෙම ගැසට් නිවේදනය අවලංගු කළ බව හඟවන ආකාරයේ ප්‍රකාශයක් දැනට දින කීපයකට පෙර මන්ත්‍රීවරයා විසින්ම සිදු කරන ලදී.ඒ සුමන්තිරන් මහතා විසින් ජනාධිපතිවරයාට ඒ සම්බන්ධව ස්තුති කිරීම නිසාය.එහෙත් ගැසට් නිවේදනයක් අවලංගු කළ හැක්කේ එසේ අවලංගු කළ බවට තවත් එවැනිම ගැසට් නිවේදනයක් මගිනි.එවන් තත්ත්වයක් මත සුමන්තිරන් මහතා එකී ගැසට් නිවේදනය අවලංගු කළ සේ ඇඟවෙන ආකාරයට ජනාධිපතිවරයාට ස්තූති කළේ කුමන හේතුවක් මතද යන්න ඇත්තේ ගැටළුවකි.
මේ සම්බන්ධයෙන් අප ඉඩම් වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් වික්‍රමසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු.
” ඒ පළාත් මන්ත්‍රීවරු විරෝධතාවය දැක්වූවා.ඔවුන් කීවේ ඒ ප්‍රදේශයේ ජනතාවට සාධාරණ කාලයක් දෙන්න කියලා.ඒත් ගැසට් පත්‍රය අවලංගු කළේ නැහැ.ඒ අය කියන්නේ නිසි ලෙස දැනුවත් වුණේ නෑ මාස තුනක කාලය ප්‍රමාණවත් නැහැ කියලා.කොහොමත් ලාල් කාන්ත ඇමතිතුමාගේත් උපදෙස් පරිදි දැන් නීතිපතිවරයාගෙන් අපි මේ සම්බන්ධය උපදෙස් ඉල්ලා තියෙනවා “
කෙසේ වුවද ඉතිහාසය සලකා බැලීමේදී උතුරු නැගෙනහිර පළාත්වල අන් පළාත්වලට සාපේක්ෂව ඉඩම් නිරවුල් කිරීම නිසි ලෙස සිදුවීී නොමැත.යුදමය වාතාවරණය නිසා එසේ සිදු වූයේ යැයි යමෙකු සිතුවද එයට බොහෝ කාලයක සිටිම උතුර සහ නැගෙනහිර පළාත්වල ඉඩම් නිරවුල් කිරීමේ කටයුතු නිසි ලෙස සිදුවී නොමැත.අප මෙහි කතා බහට ලක් කළ යාපනය දිස්ත්‍රික්කය සැලකූ විට පසුගිය සියවස පුරාම නිසි ඉඩම් නිරවුල් කිරීමක් සිදුවී නොමැත.1931 සිදුකළ ඉඩම් නිරවුල් ඉඩමි නිරවුල් කිරීමේ ක්‍රියාවලියේදී යාපනය දිස්ත්‍රික්කයේ ඉතා සුළු ඉඩම් ප්‍රමාණයක් පමණක් හැරුණ විට මල්ලාකම්,තෙන්නමරාචිචි,වඩමාරච්චි යන ප්‍රදේශයන්හි ඉඩම් නිරවුල් කිරීමේ කටයුතු බැහැර කර ඇත.මෙසේ සිදු කර ඇත්තේ එවකටද දෙමළ ජාතිවාදී දේශපාලකයන්ගේ බලපෑම නිසාය.සිය වසකට ආසන්න කාලයකදී පවා අදටත් දෙමළ ජාතිවාදී දේශපාලකයන් මෙසේ ඉඩම් නිරවුල් කිරීමේ කටයුතුවලට බාධා පමුණුවනු ලබන්නේ මක්නිසාද යන්න සොයා බැලීමේදී මෙය ඓතිහාසික කතාවකට මග හසර පාදා දේ.
මෙරටේ දෙමළ ජනයා දුම්කොළ වගාව සඳහා වහලුන් ලෙස මලබාර් හා අනෙකුත් දකුණු ඉන්දීය ප්‍රදේශවලින් රැගෙන ආ බව ප්‍රකට කාරණයකි.මේ බවට “ඩචි ඔෆ් සිලෝන් “නම් ග්‍රන්ථයේද සී.අරසරත්නම් මහතා පැහැදිලිව සඳහන් කර තිබේද.එමෙන්ම 1833 කෝල්බෲක් කොමිෂන් වාර්තාවෙි පවා සඳහන් වන්නේ එවකට මෙහි සිටි දෙමළ ජනයා මලබාර් දෙමළ ජනයා ලෙසය.මේ තත්ත්වය වෙනස් වූයේ 1940 සිටය.මෙකී දෙමළ ජනයා එසේ මෙරටට ආනයනය කිරීමට පෙර යාපනය ඇතුළු උතුරේ පදිංචිව සිටි බහුතරය වූයේ සිංහල ජනයාය.එහෙත් පෘතුගීසීන්ගේ තාඩන පීඩන හමුවේ සිංහල නායකත්වයන් සහ එකී පවුල් වලට සම්බන්ධ පිරිස් ඝාතනය කිරීම හා පලවා හැරීම තුළින් සිංහලයන් දකුණට සංක්‍රමණය වූ අතර උතුර ජනශූන්‍ය තත්ත්වයට පත්වුණි.පසුව ලන්දේසින් දුමිකොළ වගාවට මලාබාර් දෙමළ ජනයා මෙහි පදිංචි කිරීම කරන ලදහ.ඉංග්‍රීසීන් මෙම තත්වය තව දුරටත් පුළුල් කරමින් දෙමළ ජනයා වඩාත් උතුරේ පමණක් නොව නැගෙනහිර ද පදිංචි කළහ.එහෙත් ඔවුනට ඉතිහාසගත පැටිකිරියක් නොවූ නිසා ඉංග්‍රීසින්ට තේසවලාමේ නීතියද සකසා ඔප්පු සකස් කර දීමටද සිදුවිය.
උතුරේ පමණක් නොවන නැගෙනහිර දෙමළ ජනයාගේ සම්භවය පිළිබඳව සත්‍ය කතාව මෙයයි.එසේ නම් දෙමළ ජාතිවාදී දේශපාලකයන් මෙසේ ඉඩම් නිරවුල් කිරීමේ ක්‍රියාවලියට බාධා පමුණු වන්නේ කුමක් නිසාදැයි පැහැදිලි විය යුතුය.ඒ අන් කිසිවක් නිසා දෙමළ ජාතිවාදයේ මූලික සංකල්පයක් වන ඓතිහාසික දෙමළ නිජබිමට එයින් මරු පහර වදින බැවිනි.මක්නිසාද ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේදී රාජ්‍ය පෞද්ගලික පමණක් නොවෙයි භූමියේ ඓතිහාසික උරුමයන්ද සිතියම් වලට ඇතුලත්ව ගැසට් පත්‍රවල පළවන බැවිනිි.එසේ වුවහොත් එකී ඓතිහාසික පුරාවිද්‍යාත්මක උරුමයන්ගෙන් අති බහුතරයක් බෞද්ධ පුරාවිද්‍යාත්මක වෙන්ම පූජනීය ස්ථාන බව පැහැදිලිව සනාථ වන බැවිනි.එසේ වුවහොත් මේ දිනවල වඩාත් ආන්දෝලනයට ලක්වී ඇති තිස්ස විහාරයේ ඓතිහාසිකත්වය ක්‍රිස්තු පූර්ව 236 දේවානම්පියතිස්ස රජ සමය දක්වාම යන බව නිල වශයෙන් පිළිගැනීමට ඔවුන්ටම සිදුවේ.එබැවින් කාරණා සියල්ල හෙළිදරව් වන බැවින් දෙමළ ජාතිවාදී දේශපාලකයන් මේ ආකාරයට ඉඩම් නිරවුල් කිරීමේ ක්‍රියාවලියට බාධා පමුණුවන හේතු ඉතා පැහැදිලිය.
සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා ආණ්ඩුවට මෙකී ඉඩම් නිරවුල් කිරීමේ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස හා එයින් නොනැවතී මහජන විරෝධතා වලට හා සිවිල් නීති කඩ කරන බවට තර්ජනය කරන්නේ මෙකී පසුබිමකය.මේ ආකාරයට සිවිල් නීති කඩ කරණ බවට තර්ජනය කල පළමු දෙමළ ජාතිවාදී දේශපාලකයා සුමන්තිරන් මහතා නොවේ. එසේ ප්‍රකාශ කළේ පනහ දශකයේදී ඊනියා අවිහිංසාවාදියෙකු යැයි ඊළාම්වාදීන් විසින්ම අතිශයෝක්තියට නැංවූ වෙනම දෙමළ රටක් බිහිකිරීම සඳහාම 1949 දී නිර්මාණය කළ ඉලංකයෙි තමිල් අරසු කච්චි හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂයේ නිර්මාතෘ එස්.ජේ.වී.චෙල්වනායගමි මහතාය.කෙසේ වුවද එවැන්නෙක් නිසා සිදුවූයේ තිස් අවුරුදු ශාපලත් යුද්ධයක් ඇතිවීමය.වර්තමානයේ සුමන්තිරන් මහතා චෙල්වනාවගම් මහතා අනුගමනය කරමින් සිවිල් නීති කඩ කළ යුතු බවට දෙමළ ජනයා පොළඹින් මෙන්ම ආණ්ඩුවට තර්ජනය කරමින් හැසිරීම තුළින් පෙන්වන්නේ යළිත් යුදමය වාර්තාවරණයක් රට තුළ ඇති කරවීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට දැයි ඇති වන්නේ බරපතළ සැකයකි.
“ඔහු නීතිඥවරයෙක් හැටියට එවැනි ප්‍රකාශ කරනකොට ගරු සම්පන්න වෙන්න ඕන.1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉඩම් පොලිස් බලතල ලබා දුන්නත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ.ඒ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු පවා තියෙනවා.සුමන්තිරන් මහතාගේ මේ ප්‍රකාශයේ බරපතලයි. දෙමළ ජනතාවත් යුද්ධයෙන් ගොඩක් පීඩා වින්දා.නැවත වතාවක් දෙමල ජනතාව සිවිල් නීති කඩ කිරීමට පොළඹවලා ජනතාව අතරට යම් යම් වැරදි මතවාද රිංගවලා එහෙම කරනවා නම් ඒක නීතියේ බලයට අභියෝග කිරීමක්.මහත්මා ගාන්ධි ඉන්දියාවේදී සිවිල් නීති කැඩවූයේ ඒ රටේ නිදහස ලබා ගැනීම සමිබන්දව.නමුත් අපේ රටේ දැන් නිදහස ලබා දීලා තියෙනවා.දැන් ඒගොල්ලන්ගේ භාෂා ගැටළු පවා විසඳලා තියෙනවා.නමුත් අනවශ්‍ය ප්‍රශ්නයක් තුළ නැවත දෙමළ තරුණයන්ට කැරලි වලට යන්න සිවිල් නීති කඩ කරන්න කියලා පොලිසියත් එක්ක ගැටුම් වලට යැවීමෙන් වෙන්නේ ඒ ජනතාවම දුක් විඳින එක.ඒ අය හිතන්න ඕන ජනතාවගේ පැත්තෙන්. ඒ වගේම මෙසේ ප්‍රකාශ කරලා කලබලයක් ඇති කිරීමට උත්සාහ කරනවා නම් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියලයි මම හිතන්නේ”
මෙසේ පැවසුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතාය
මෙයට පෙරද සුමන්තිරන් මහතා පාස්කු ප්‍රහාරය සිදුවූ සමයේ බණ්ඩාරනායක සම්මන්ත්‍ර ශාලාවේ පැවැති රැස්වීමකදී එවකට මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වූ දීපිකා උඩුගම මහත්මිය ඉදිරියේදී පවා සුළු ජනවාර්ගිකයන්ට හිමිකම් ලබා නොදුනහොත් මෙවැනි ප්‍රහාර යළි එල්ල විය හැකි යැයි ප්‍රසිද්ධියේ අදහස් පළ කළේය.නමුත් ඔහුට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීම කෙසේ වෙතත් එයට විරුද්ධව අදහස් පළ කළ අයෙකු හෝ දැනගන්නට නොමැත.
කෙසේ වුවද සුමන්තිරන් වැනි නූතන චෙලවනායගමිලාට බිය වී ආණ්ඩුව උතුරේ ඉඩම් නිරවුල් කිරීමේ ගැසට් පත් අවලංගු කළහොත් එය ආණ්ඩුවේ ඉදිරි දේශපාලන ආයු කාලය දිගු වීමට හිතකරන නොවන බව ආණ්ඩුව සිහි තබාගත යුතුය.මක්නිසාද දේශපාලකයන් කුමන කතාව කීවද වාර්ගික භේදයෙන් තොරව සියලු ජනයාට ජාතික ආරක්‍ෂාව ආරක්‍ෂාව ප්‍රමුඛ අපේක්‍ෂාව වන නිසාය.
ප්‍රසාද් ධනුෂ්ක ගුණසිංහ