ප්‍රස්ථාවනා
මේ වූ කලී අප වි විසින් සකස් කරනු ලබන වංශ කතාවලියෙහි පළමුවැන්නය. ලක්දිව අනෙක් වංශ කථාවන්ගේ ඉතිහාසය හා ඒ වංශයන් පිළිබඳ කරුණුත් යථා කාලයෙහි ප්‍රසිද්ධ කරවන්නෙමු.
කව්රව කරාව වංශිකයන්ට අවුරුදු හාරදහසකටත් වඩා පැරණි ඉතිහාසයක් ඇත. ඒ සියලු තොරතුරුම මෙවැනි පොත් පුංචිකින් විස්තර කළ නොහැක. ඒ නිසා දතමනා කරුණු අතුරින් කොටසක් පමණක් මෙහි සඳහන් කළෙමු. කෝරව්ය, කුරු, කරාව යන සකල නාමයකින්ම අදහස් කරනුයේ කරාවේ වංශයයි. කුරුකුල යනුවෙන් කියවෙන්නේත් මෙයමයි. කුරුකුල ජනයෝ විශේෂ කල්පනා ශක්තියකින් යුක්තව විසූහ.
දක්ෂිණේන සරස්වත්තයා දෘෂ්‍යත්වත්‍යුත්තරේණව යේ වසන්ති කුරුක්ෂේත්‍ර තේ වසන්ති ත්‍රිවිෂ්ඨ පේ
(සරස්වතී නදිය කෙරෙන් දකුණෙහිද න් දෘෂත්වතී නදිය කෙරෙන් උතුරෙහිද කුරු ක්ෂේත්‍රයෙහි යම් කෙනෙක් වෙසෙත් නම් ඔවුහු දිව්‍ය ලෝකයෙහි වෙසෙත්)
මෙයින් අදහස් කරනුයේ එකල කුරු රට ධන ධාන්‍ය දී දියෙන් ආධ්‍යව ඉතා සමෘද්ධව තිබුණු බවයි සතිපට්ඨාන නම් සිහිය පිහිටුවා ගැනීමයි. කෑම්බීම් ආදියෙන් ඹුමන්ට සිහියෙන් යුතුව බණ භාවනාදිය කළ නොහැක යි යස ඉසුරෙන් පිරී ගිය මුහුකුරා ගිය නුවණ ඇති කුරු රට වැසියන් සතිපට්ඨාන සූත්‍රය දේශනා කළ සේකැයි සිතිය හැක සතිපට්ඨාන සූත්‍රය පමණක් නොව බුදුන් වහන්සේ තවත් සූත්‍ර කීපයක්ම කුරු රටවැසියන්ට දේශනා කළ සේක.
කරාවේ වංශිකයන්ට කුරුකුලසූරිය, කුරුකුල සූරිය පට බැඳිගේ, කුරුකුල ගාර්දිය හේවා වසම් මැරෙන්නගේ කුරුකුලක් ආරක්ෂත් ඉලංගසිංහ ඔඩියාර්ගේ කුලු කොළ ආරච්චිගේ කුරු නාථගේ කුරුණේරුගේ කුරු නායකගේ කුරු වීරගේ කුරුසිංහගේ ආදී පෙළපත් නාමයන් ඇත අතීතයෙහි පටන්ම ව්‍යවහාරයෙහි පවතී ම අනෙක් කුලවතුන්ට ඒ නම් ව්‍යවහාර නොවේ. කුරුකුල සූරිය ආදී පෙළපත් නාමයන් පමණක් නොව වර්ණකොළ සූරිය මනුකුලසූරිය වික්‍රමසූරිය මිහිඳු කුලසූරිය අර්ෂ කුලසූරිය ආදී කවුරුව වංශිකයන්ගේ පෙළපත් නම් රැසක්ම කරාවේ වංශිකයන්ගේ පෙළපත්නම් අතර ඇත එහෙයින් කරාව නමින් ලක්දිව වෙසෙන ජනතාව අන් කිසි මනුෂ්‍ය වර්ගයක් නොව කුරුකුලයෙහි කවුරවංශයෙහි උදවිය බැව් සක් සුදත් සේ පෙනේ.
ඈත අතීතයෙහි සිද්ධීන් අතුරින් බොහොමයක් දේව කතාවන් මෙන් සැක උපදවන සුලිය රෝමය ගොඩනැගූ රොමිලස් රීමස් යන නිවුන් දරු දෙදෙන කුඩා අවදියෙහිදීම වනයෙහි වලස් දෙනෙකගෙන් කිරි බී වැඩුණු බැව් රෝම ඉතිහාසයෙහි සඳහන් වෙයි.
විජය රජුගේ මිත්තණිය වූ සුප්පාදේවියගේ ස්වාමිපුරුෂයා සිංහයෙකුයි මහා වංශයෙහි දැක්වේ. දහසක් දෙනා විසින් උසුළු ලබන දුන්න රාම කුමාරයා විසින් කඩනු ලැබීම් හනුමාකන්දක් ඊ පිටින්ම ගෙන ඊම ආදී පුවත් රාමායනයෙහි සඳහන්වේ. සංස්කෘතිය හැඩගැසී තිබෙන්නේ මේ අන්දමටය.
මෙහි දැක්වෙන සථ්‍යවතීගේ කතාවත් දේව කතාවක් බඳුය එහෙත් එහි ගත යුතු සත්‍ය කරුණුද ගැබ් වී ඇත. යම් යම් කාලවලදී බලයට පත්වුණු රජයට පක්ෂව ලේඛකයෝත් පොත්පත් ලිව්හ යටත් විජිත අවධියේදී රාජ ද්‍රෝහීන් හැටියට සලකන ලද අන්තෝනි බරෙන්තු කැප්පෙටිපොල පුරන් අප්පු ආදී උදවියට අද ගරු කරන්නේ ජාතික වීරයන් හැටියටය. ‘ඉංග්‍රීසි යුගයේ ඉතිහාසඥයන් විසින් ලංකා ඉතිහාසය කණපිට පෙරළූ බවට දැක්විය හැකි නිදර්ශන බොහෝය