මහා චක්‍රවර්ති අශෝක අධිරාජයාගේ පුත්‍ර මිහිඳු මහ රහතන් වහන්සේ වෙතින් නිර්මල බුදුදහම වැළඳ ගත් පළමු ශ්‍රී ලාංකිකයා වූ ශ්‍රී ලාංකේෂර දේවානම්පියතිස්ස නිරිඳුන් විසින් බුදුදහම වැළඳගත් පළමු වසර තුළදීම එතුමාගේ නමින් නම් කරමින් මෙම තිස්ස රජමහා විහාරය – Thissa Rajamaha Viharaya ක්‍රිස්තු පූර්ව 236 දී පමණ ඉදිකොට ඇති බව මහාවංශය සාක්ෂි දරයි.ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව 1957/05/01 දරණ සිතියමද, 1956 වර්ෂයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව මුද්‍රිත සිතියමට අනුව තිස්ස රජමහා විහාරය පිහිටා ඇති ස්ථානය පැහැදිලිව පෙන්නුම් කර ඇත.
පුරාණයේ රහතන් වහන්සේලා පවා වැඩ සිටින ලද මෙම පුණ්‍ය භූමියේ පසු කලෙක කලින් කලට සිදුවන ලද දකුණු ඉන්දීය සොලී ආක්‍රමණයට ඍජුවම ලක්ව ඇත. චෝල පාණ්ඩය කාලිංග මාඝ වැනි දරුණු ආක්රමණිකයන්ගේ ප්‍රහාර හමුවේ විනාශ මුඛයට පත්වෙමින් නැවත හෙළ දරුවන් රජ කරන කල්හි ප්‍රතිසංස්කරණයට හා නව ඉදිකිරීම් වලට ලක් වෙමින් පැවත ආ මෙම ඓතිහාසික සිද්ධස්ථානය ශ්‍රී ලංකා භූමිය දකුණු ඉන්දියාවට ආසන්නයේම විශාල නැව් තොටු පොළවල් කිහිපයක් ආසන්නයේ සමුද්‍රාසන්නයේ ස්ථානීය පිහිටීමකි. ඉඳුරාම ප්රහාරයන්ට ලක් වෙමින් අවදානම් දෙගුණ තෙගුණ කර ඇත. සොලී ආක්‍රමණ පමණක් නොව පෘතුගීසී ලන්දේසි ඉංග්‍රීසි වැනි බටහිර ආක්‍රමණිකයන්ද උතුරේ සිදු කරන ලද බෞද්ධ සංහාරයන්ගෙ බලපෑමට උතුරෙහි බොහෝ බෞද්ධ සිද්ධස්ථාන ලක් වූ බවට ඉතිහාසය මනාව සාක්ෂි දරයි.
කන්කසන්තුරේ තිස්ස රාජමහා විහාරස්ථානයේ ආරම්භය
ක්‍රිස්තු පූර්ව 236 දී අශෝක අධිරාජයාගේ පුත්‍ර මිහිඳු මහරහතන් වහන්සේ වෙතින් නිර්මල බුදු දහම වැළඳ ගත් පළමු ශ්‍රී ලාංකිකයා වූ ලංකා නිරිඳු දෙවනපෑතිස් රජු බුදුදහම වැළඳ ගත් පළමු වසර තුළදීම උතුරුකරයේ විහාරස්ථාන ත්‍රිත්වයක් ඉදිකළ බවට මහාවංශය සාක්ෂි දරයි. එනම් සමෘද්ධ විහාරය හෙවත් වර්තමාන දඹකොල පටුන විහාරය, ප්රාචිනාරාමය හෙවත් වර්තමාන කදුරුකඩ විහාරය හා රජ තුමාගේ නමින්ම නම් කොට ඇති මෙම කන්කසන්තරය තිස්ස රාජමහා විහාරයයි.
විහාරස්ථානයේ ආරම්භය – ක්‍රිස්තු පූර්ව තුන්වන සියවස
විහාරස්ථානයේ නිර්මාතෘ – ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ රජු දෙවන පෑතිස් මහා නිරිඳු
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරස්ථානයේ වර්තමාන තත්ත්වය
ශ්‍රී ලංකාව තුළ පැවති වසර 30 යුද්ධයෙන් පසුව හමුදා කඳවුරක්ව පැවති තිස්ස රාජමහා රජමහා විහාර පුණ්‍ය භූමිය වර්ෂ 2018 දි දකුණේ සිට වැඩම කළ ගින්තොට නන්දාරාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් රාජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදුකරමින් පවතී
- ස්ථානය: යාපනය නගරයට ආසන්නව – Palaly Road, Jaffna
- පිවිසුම: සෑම දිනකම විවෘතයි. විශේෂ උත්සව දිනවලදී විශාල පිරිසක් පැමිණෙයි.
- ප්‍රවාහනය: බස්, ත්‍රිවිල්, පුද්ගලික වාහන මඟින් පහසුවෙන් ළඟාවිය හැක.
දර්ශන රූප සහ සංචාරකයන්ට උපදෙස්
මෙම විහාරය සංචාරකයන්ටද විවෘත වන අතර, වන්දනාකාරව ඇඳුම් පැළඳීම සහ සන්සුන් ආචාරශීලී හැසිරීම අපේක්ෂා කෙරේ. විශේෂයෙන් ඡායාරූප ගැනීමේදී භාවනාවට බාධා නොවී කටයුතු කළ යුතුය.

