
අධිකරණ නියෝග නොතකා යාපනයේදී විරෝධතාවක් සංවිධානය කිරීමේ වරදට මල්ලාකම් අධිකරණය හමුවේ අද (14දා) පෙනී සිටින ලෙස දන්වා දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට සිතාසියක් යවා තිබේ.
මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් පිරිසක් යාපනයේ කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට කන්කසන්තුරේ පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම අධිකරණ නියෝගය ලබා ගෙන තිබුණි.
එහි සඳහන් වූයේ විහාරස්ථානය අයත් ග්‍රාමසේවා වසම තුළ කිසිදු ආකාරයක විරෝධතාවක් නොපවත්වන ලෙසයි.
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට එම ප්‍රදේශයට ඇතුළුවීම ද තහනම් කොට තිබියදී ඔහු පිරිසක් සමග පැමිණ කළුකොඩි ඔසවා තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ. මේ කාරණය සම්බන්ධයෙන් අධිකරණයට වගඋත්තර බැඳීම පිණිස මන්ත්‍රීවරයා අධිකරණයට කැඳවා තිබේ.
දිනසේන රතුගමගේ