ගෞරව‚ය ස්වාමින් වහන්ස, පූජ්‍ය ප්‍රසාදී උතුමනි,
මා හිතවත් ශ්‍රී ලංකාවාසී පුරවැසියනි,
අපේ රටේ දේශපාලන ගමන් මගේ තීරණාත්මක සංධිස්ථානයක් මතුවී තිඛෙන මේ අවස්ථාවේදී අපේ රට දැනට මුහුණපා සිටින දුර්භාග්‍ය තත්වයෙන් මුදාගෙන රට අරමුණක් සහිතව යහපත් ආකාරයට වෙනස් කිරීම උදෙසා සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේකශක සජිත් ප්‍රේමදාස වන මම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ඔබ වෙත ගෞරවයෙන් ඉදිරිපත් කරමි

සමගි ජන සන්ධානය යනු නව දේශපාලන බලවේගයක් වන අතර සමාජ යුක්තිය පදනම් කරගනිමින් සමාජ වෙළඳපොල ආර්ථීකයක් ඔස්සේ නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ ඉදිරි දර්ශනයක් අප සතුව තිබේ. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් යනු සෑම පුරවැසියකුගේම හ~ නිසි ලෙස ඇසෙන පරිදි යුක්තිය රජයන පාලන ක්‍රමයකි, රාජ්‍යයකි. ඒ අනුව අපගේ ආර්ථීක ලැස්ම හුදෙක් ආර්ථීක වර්ධනය පිලිබඳ සංඛ්‍යා දත්ත
කෙරෙහි පමණක් විශ්වාසය තබන්නක් නොවේ. එය සමාජයේ සෑම අංශයකටම ප්‍රයෝගිකව සහ භෞතිකව ලඟා කරගත හැකි සෞභාග්‍යයක් අත්පත් කරදීම ඉලක්ක කරගත් ඩසටහනකි. අපි, ශ්‍රී ලාංකික සමාජයේ කිසිවෙකු අත් නොහැරෙන පරිදි සමානාත්මතාව පිලිබඳ ගැඹුරු කැපවීමකින් යුක්තව නිදහස් වෙළෙඳපොල ආර්ථීකයක ශක්තිය උකහා ගනිමින් නම්‍යශීලි සහ සර්වග්‍රාහී ආර්ථීකයක් නිර්මාණය කරන්නෙමු

අපගේ ඉදිරි දර්ශනයේ තවත් විශේෂ අංග ලක්ෂණයක් වන්නේ දුෂණයට එරෙහිව සටන් වැදීමයි

අපගේ පුරවැසි ජනතාව මංකොල්ලකෑමට ලක් කරමින් රාජ්‍ය තන්ත්‍රය පිලිබඳ තිබූ විශ්වාසය පලූ‍දු කරමින් අවසාන වශයෙන් මුළු රටම බංකොලොත් කිරීමට හේතු වී ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ රට තුළ පිළිකාවක් සේ උඩුදුවා ඇති දුෂණයයි. අනාගතයේදී බිහිවන සමගි ජන සන්ධාන රජයක් විසින් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් රාජ්‍යයේ සෑම ශයකම විනිවිදභාවය සහ වගකීම තහවුරු කරමින් දුෂණය
මුලිනුපුටා දැමීමට කටයුතු කෙරෙනු ඇත

සෞභාග්‍යය කරා අප යන ගමනේදී අධ්‍යාපනය, සෞඛ්‍යය හා නිවාස නංවාලීම සඳහා අපි විශේෂ අවධානයක් ලබා දෙන්නෙමු. දැනට බොහෝ ගැටළු වලට මුහුණපා ඇති සෞඛ්‍යය අංශය එයින් මුදා ගෙන
සෞඛ්‍යය අංශයට අයත් වෘත්තික හා තාක්ෂණ සම්පත් ආරක්ෂා කරමින් ශක්තිමත් ජාතියක් නිර්මාණය කිරිමට සෞඛ්‍යය අංශයේ සාර්ථකත්වය ඉහලින්ම ලබා ගැනීමට කටයුතු යොදන්නෙමු

ශාස්ත්‍ර දැනුම සහ තාක්ෂ‚ක දැනුම ශ්‍රී ලංකාවේ දියුණුවට දායක වන අයුරින් ද තරඟකාරී ලෝකයට ගැලපෙන මානව සම්පත් වර්ධනය කිරීමේ අරමුණ සහිතවද අධ්‍යාපන අංශයෙහි ලා විශාල ඉදිරිගාමී
ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දෙන්නෙමු

ඓතිහාසික වශයෙන් ගත් කළ වුව ද තනි තනි පුද්ගලයන් විසින් දියුණු කළ රටවල් නැත. දියුණු වූ සෑම රටක්ම එසේ වී ඇත්තේ සාමූහික උත්සාහයන් තුළිනි. සෑම අංශයකම කුසලතාපුර්ණ, පළපුරුදු සහ ප්‍රායෝගික ගුණය විහිදුවන හා විවිධ ක්ෂේත්‍ර වලට නායකත්වය දියහැකි දේශපාලන නායක කණ්ඩායමක් සමගි ජන සන්ධානය වටා අපි ඒකරාශී කරගෙන ඇත්තේ එබැවිනි.ඒ ඒ ක්ෂේත්‍ර වලට අදාලව මතු වී තිඛෙන අභියෝග මෙන් ම අවස්ථාවන් පිළිබඳව මේ පිරිස සතුව ඇති ගැඹුරු අවබෝධය මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉලක්ක සාධනය කර ගැනීම සඳහා මහත් පිටුවහලක් වනු ඇත

සමගි ජන සන්ධානය යනු තවත් එක් දේශපාලන පක්ෂයක් නොවේ. එය ශ්‍රී ලංකාවේ සැබෑ ශක්තිය හඳුනාගෙන යුගය විසින් ඉල්ලා සිටින වෙනස්කම් සාධනය කිරීමේ ශක්‍යතාවෙන් යුතු මේ යුගයේ සැබෑ ජනතා බලවේගයයි. මේ ජනාධිපතිවරණයේ මා ඔඛෙන් ජන වරමක් ඉල්ලා සිටින්නේ හුදෙක් මා සඳහා නොව, වඩා ශක්තිමත්, සාධාරණ, සහ සෞභාග්‍යය සම්පන්න රටක් ගොඩනැගීම සඳහා ඔබ අප සැමගේම ශක්තිය ඒකරාශී කර ගැනීමේ සද්කාර්යයක් වශයෙනි. අපි සැවොම එක්සත්ව, එක්සිත්ව එක්ව අපගේ ආදර‚ය මවුබිම වන ශ්‍රී ලංකාව සෞභාග්‍යය මාවතේ ඉදිරියටම පියමන් කරවීම සඳහා කැප වී
කටයුතු කරමු

ස්තුතියි

මෙයට විශ්වාසී,
සජිත් ප්‍රේමදාස
නායක – සමගි ජන සන්ධානය