නලින් ද සිල්වා
චින්තන පර්_ෂද ප්‍රකාශනයකි.
ප්‍රථම මුද්‍රණය : 1995 දෙසැම්බර්
දෙවැනි මුද්‍රණය : 1996 මාර්තු
තුන් වැනි මුද්‍රණය : 2000 ජූනි 30
මුද්‍රණය : ලක්මා පි්‍රන්ටර්ස් ඇන්ඩ් පබ්ලිශර්ස් ප්‍රයිවට් ලිමිටඩ්
ඒකීය ලංකාවක් වෙනුවෙන් ජීවිත පූජා කළ හා දිවි පරදුවට තබා සටන් කරන වීර සෙබළුන්ට මෙම කෘතිය පිළිගැන්වෙයි.
තූන්වන මුද්‍රණයේ පෙරවදන
ප්‍රභාකරන් ඔහු ගේ සීයලා බාප්පලා සහ මස්සිනාලා කෘතියෙහි තුන්වන මුද්‍රණයත් නිකුත් කෙරෙන්නේ ආණ්ඩුව කොටි සංවිධානය පරාජය කළ යුතු බවට තීරණයක් ගෙන ඇති අවස්ථාවක ය. දේශප්‍රේමි භික්ෂූ පෙරමුණ, චින්තන පර්ෂදය වැනි සංවිධාන මේ බව පවසන්නේ දැනට වසර දහයකටත් අධික කාලයක සිට ය. ඒ සඳහා රටේ ,යුද්ධ තත්ත්වයක්, ප්‍රකාශ කරන ලෙස ඒ සංවිධාන එකල සිට ම ඉල්ලා ඇත. එදා ,යුද්ධය, ගැන ලියූ ලිපිවලට, කතුවැකිවලට විරුද්ධ වූ ඇතැම් පුවත්පත් හිමියන් ද, ,යුද්ධය, ධනපති යුද්ධයක් යැයි හඳුන්වමින් එයට විරුද්ධව පෝස්ටර ගැසූ අය ද අද අවස්ථාවාදී ව හෝ යුද්ධයට පක්ෂ වීම දෛවයේ සරදමකි.
එහෙත් තවමත් ආණ්ඩුවට හෝ විපක්ෂයට හෝ දෙමළ ජාතිවාදය පිළිබඳ නිවැරදි වැටහීමක් නැත. ආණ්ඩුව කොටි පැරදවීම ගැන කතා කළ ද තව මත් දේශපාලන යෝජනාවලිය ගැන විපක්ෂය සමග සාකච්ඡා කරයි. පොදු පෙරමුණ ,ප්‍රශ්නයට, ,විසඳුම, ලෙස කලාප සභා යෝජනා කරන අතර එක්සත් ජාතික පක්ෂයේ ,විසඳුම, වනුයේ අසමමිතික ව බලය පැවරීම ය. එනම් සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවීම ය. සහසන්ධීය රාජ්‍යයක් ඊළමක් බවට පත් කිරීමට ප්‍රභාකරන්ට අවශ්‍ය වන්නේ එක් ප්‍රකාශයක් පමණකි.
පළාත් සභා, පළාත් එකතු කිරීම්, කලාප සභා, රට සභා සහසන්ධීය රාජ්‍ය ආදිය යෝජනා කෙරෙන්නේ දෙමළ ජනයා ගේ ඊනියා අසාධාරණකම් නැති කිරීමට ය. එවැනි අසාධාරණකම් නොමැති බව අපි පුන පුනා කියා ඇත්තෙමු. එහෙත් එය තවමත් මෙරට ,නායකයන් ගේ, සිත් තුළට ගොස් ඇති බවක් නොපෙනෙයි. එබැවින් පැකේජ, අන්තර් කාලීන මණ්ඩල ආදිය යෝජනා කෙරේ. අපේ ,නායකයෝ, ඉංගිරිසින් විසින් ඉංගිරිසි අධ්‍යාපනයක් මගින් බිහි කරනු ලැබූවෝ වෙති. පැරණි රජ දවස මෙරට සාම්ප්‍රදායික නායකත්වයක් තිබිණි. 1917 – 18 නිදහස් සටනින් පසු මේ නායකත්වය ඉංගිරිසින් විසින් සමූලඝාතනය කරන ලදී. ඒ සම්ප්‍රදායෙහි අවසාන නායකයා වූයේ කැප්පෙටිපොළ දිසාව ය.
මේ ඝාතනයෙන් පසු සිංහලයන්ට සාම්ප්‍රදායික නායකයන් නැති විණි. කුංකුනාවේ හිමියන් ගේ ,අනේ කූඹීන්නේ තොපටත් රජෙක් ඉන්නේ, ආදී වශයෙන් කවි ලියැවුණේ මේ වකවානුවේ දී ය. එය නායකයන් නැති වීම නිසා ලියන ලද්දකි. මේ අඩුපාඩුව යම් පමණකට හෝ පිරිමසිනු ලැබූයේ පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා ආදීන් විසිනි. එය සාම්ප්‍රදායික නායකයින් වෙනුවට ඇති කරනු ලැබූ තාවකාලික නායකත්වයක් විය. එහෙත් එය සාර්ථකත්වයක් නුදුටුවේ ය. ඉන් පසු සිංහලයන් විසින් ඇති කරනු ලැබූ නායකයා වූයේ ධර්මපාල තුමා ය.
ධර්මපාල තුමා ගේ සමයේ ද, ඉන්පසු ද සිංහලයන්ට නායකයන් දෙනු ලැබූයේ ඉංගිරිසීන් විසිනි. ඔවුහු ඉංගිරිසින් විසින් වරප්‍රසාද, ඉඩම්, අධ්‍යාපනය ආදිය ලබා දී ඇති කරනු ලැබූ නායකයෝ වූ හ. එහෙත් ඔවුන් පෙනී සිටියේ හා සිටින්නේ සිංහලයන් ගේ නායකයන් ලෙස ය. මේ නායකයෝ ලන්දේසීන් හා ඉංගිරිසීන් විසින් ඇති කරන ලද ,ප්‍රභූ, පවුල්වලට අයත් වූ හ. ඔවුහු හැඳියාවෙන් ම සාමාන්‍ය සිංහලයන් ගෙන් වෙනස් වූ හ. ඔවුන් සිතන්නේ පතන්නේ ඉංගිරිසින් මෙනි. ඔවුහු ඉංගිරිසින් ගේ වරද නොදකිති.
අප බොහෝ අවස්ථාවල කියා ඇති ආකාරයට මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම ඇති ප්‍රශ්නයක් නැත. දෙමළ ජනයා ගේ ප්‍රශ්නය කුමක් ද යන්නට පිළිතුරක් දීමට සමතෙක් නැත. එකල අසාධාරණ ලෙස පෙන් වූ සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීම, නැගෙනහිර පළාතේ සිංහලයන් පදිංචි කිරීම, ප්‍රමිතිකරණය ආදිය මිථ්‍යාවන් බව හෙළිදරවු වී ඇත.
එපමණක් නොවේ, මේ මිථ්‍යාවන් පිටුපස ඇත්තේ අභිලාෂයන් බව අපි දැන් දනිමු. ඒ අභිලාෂය අන් කිසිවක් නොව මෙරට සිංහලත්වයට හිමි තැන අහිමි කිරීම ය. එනම් සිංහල ජාතියට, සිංහල භාෂාවට, සිංහල සංස්කෘතියට හා සිංහල ඉතිහාසයට හිමි තැන අහිමි කිරීම ය. සිංහලත්වයට මෙරට හිමි තැන ලබාදීම දෙමළ ජනයාට කරන අසාධාරණයක් ලෙස පෙන්වනු ලැබිණි. උදාහරණයක් ලෙස ගතහොත් අවුරුදු දහස් ගණනක් මෙරට රාජ්‍ය භාෂාව වූ ද කමලිකා පීරිස් මහත්මිය පෙන්වා දී ඇති අයුරින් ජනගහනයෙන් 82% කට වඩා තේරුම් ගැනීමට හැකි වූ ද සිංහලය පමණක් රාජ්‍ය භාෂාව කිරීම සිංහලත්වයට හිමි තැන ලබා දීමක් විය. එහෙත් එය දෙමළ ජනයාට කෙරෙන අසාධාරණයක් ලෙස පෙන්වා දෙනු ලැබිණි. ඉන්දියාවේ හෝ දෙමළ රාජ්‍ය භාෂාවක් නොවන බව දෙමළ ජාතිවාදීහු අමතක කළ හ. දෙමළ භාෂාවට නිසි තැන දෙන පනතක් මෙරට ක්‍රියාත්මක වී ඇති බව ද දෙමළෙන් උසස් අධ්‍යාපනය ලබා ගත හැකි බව ද මෙහි ලා අවධාරණය කළ යුතු ය.
මේ දෙමළ අභිලාෂය ඇති කරනු ලැබූයේ කරුණු දෙකක් විසිනි. පළමු ව බිරිතානීන් විසින් ඉංගිරිසි උගත් දෙමළ ජනයාට දෙන ලද වරප්‍රසාද විය. බිරිතානීන් විසින් සිංහල හා දෙමළ මෙරට ප්‍රධාන ජන වර්ග දෙක ලෙස හැඳින්විණි. එවකට අවුරුදු දෙදහස් තුන් සියයකට වැඩි සිංහල ඉතිහාසය අවුරුදු දෙසියයක දෙමළ ඉතිහාසයට සමාන කෙරිණි. 75% ක සිංහල ජනගහනය 12% ක දෙමළ ජනගහනයට සම කෙරිණි. 1833 දී ව්‍යවස්ථාදායක සභාවට සිංහලයන් හා දෙමළ ජනයා වෙනුවෙන් මන්ත්‍රීන් එක් කෙනා බැගින් පත් කෙරිණි.
මෙහි දී ඉංගිරිසි උගත් සිංහල ,නායකයෝ, සිංහලයනට වූ අසාධාරණය ගැන කම්පා නොවූහ. දෙමළ ජනයා සඳහා එක් මන්ත්‍රීවරයකු පත් කළ විට අඩු ම තරමින් සිංහලයන් වෙනුවෙන් මන්ත්‍රීන් 6 දෙනකු ඉල්ලා සිටීමට ඔවුනට නොහැකි විය. ඒ ඔවුන් ඉංගිරිසීන් විසින් තනනු ලැබූ ඉංගිරිසින් ගේ වරද නුදුටු නායකයන් වීම නිසා ය. බිරිතානීහු සිංහලත්වයට හිමි තැන අහිමි කිරීමට මුල සිට ම දෙමළ ජාතිවාදය යොදා ගත් හ.
ව්‍යවස්ථාදායක මණ්ඩලයට සිංහල, දෙමළ ජනයා වෙනුවෙන් එක් නිල නොලත් මන්ත්‍රීවරයකු බැගින් පත් කිරීම බහුවාර්ගික සංකල්පයේ හා දෙමළ ජාතිවාදයේ ආරම්භය විය. ලෝකයේ සියලූ ම රටවල් පාහේ බහු වාර්ගික වෙයි. බහු වාර්ගික යන්නෙන් රටක එක් ජන වර්ගයකට වඩා සිටින බව කියැවෙයි. එහෙත් එවැනි රටවල සංස්කෘතීන් එකකට වඩා තිබුණ ද එන් සංස්කෘතියකට විශේෂත්වයක් හිමි වෙයි. උදාහරණයක් ලෙස එංගලන්තයේ ඇංග්ලෝ සැක්සන් ක්‍රිස්තියානි සංස්කෘතියට ද, ඉන්දියාවේ හින්දු සංස්කෘතියට ද සාමාන්‍යයෙන් යුරෝපීය රටවල ක්‍රිස්තියානි සංස්කෘතියට ද විශේෂත්වයක් හිමි වෙයි. ඉන්දියාවේ හින්දුත්වය හා යුරෝපයේ ක්‍රිස්තුත්වය ලෙස අපි මෙය හඳුන්වමු.
ඉන්දියාවේ, යුරෝපයේ හා වෙනත් රටවල ක්‍රියාත්මක වන්නේ දුබල බහු වාර්ගිකත්වයයි. නැත්නම් බහු වාර්ගික සංකල්පයේ දුබල ස්වරූපයයි. එහි දී සංස්කෘතීන් එකකට වඩා තිබුණ ද එක් සංස්කෘතියකට විශේෂත්වයක් හිමි වෙයි.
බටහිර දේශපාලනඥයන් හා බුද්ධිමතුන් මෙන් ම මෙරට සිටින අනුකාරකයන් ද ලංකාවේ පිළිගැන්වීමට වෙර දරන්නේ ප්‍රබල බහු වාර්ගිකත්වය යි. එනම් බහුවාර්ගික සංකල්පයේ ප්‍රබල ස්වරූපයයි. එහි දී රටෙහි කිසිදු සංස්කෘතියකට විශේෂත්වයක් නොලැඛෙයි. ලංකාවේ සිංහල සංස්කෘතියට, සිංහලත්වයට හිමි තැන අහිමි කිරීමක් ඉන් සිදු වෙයි. ඉංගිරිසීහු සිංහල ජාතියට හිමි තැන අහිමි කිරීමක් ඉන් සිදු වෙයි. ඉංගිරිසීහු සිංහල ජාතියට හිමි තැන අහිමි කරමින් සිංහල හා දෙමළ මෙරට ප්‍රධාන ජන වර්ග දෙක ලෙස හැඳින්වූ හ.
මෙරට ඉතිහාසය කිතු වසින් දහතුන් වන සියවස තෙක් සිංහලයන් ගේ ඉතිහාසය බව මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාලන් මහතා තම අචාර්ය උපාධි නිබන්ධනයෙහි පෙන්වා දී ඇත.
මෙරට සිංහල සංස්කෘතියට විශේෂත්වයක් හිමි වන බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. බටහිර දේශපාලන්ඥයන්ට හා බුද්ධිමතුන්ට ඒ බව බටහිරින් මෙරටට පැමිණෙන සංචාරකයන් ගෙන්ම දැන ගැනීමට හැකි ය. මේ සංචාරකයන් ලංකාවට එන්නේ එක්කෝ ස්වභාවික සෞන්දර්යය ආස්වාද කිරීමට ය. නැතහොත් සිංහල සංස්කෘතියේ වැව් හා දාගැබ් නැරඹීමට ය. කෝවිල් බැලීම සඳහා ලංකාවට එන සංචාරකයන් නැත. ඉන්දියාවේ මුස්ලිම් සංස්කෘතියට අයත් තාජ් මහල් ආදී උදාහරණ තිබිය දීත් එහි හින්දුත්වයට විශේෂතාවක් හිමි වෙයි. ලංකාවේ දෙමළ සංස්කෘතියට අයත් එවැනි තැන් නැති ව ද සිංහලත්වයට හිමි තැන දීම ප්‍රතික්ෂේප කිරීමට වෑයම් කෙරෙයි.
දෙමළ ජාතිවාදයට පණ පෙවූ දෙවැනි කරුණ වූයේ ව්‍යාජ ඉතිහාසයයි. මෙරට අවුරුදු තුන් දහසකට එහා දෙමළ ඉතිහාසයක් ගැන ඔවුහු කී හ. එයට සමාන්තර ව ඉන්දියාවේ අවුරුදු පන් දහසකට වැඩි ද්‍රවිඩ ඉතිහාසයක් ගැන කතා කළ හ. මොහෙන්ජදාරෝ හරප්පා සභ්‍යත්වය ද්‍රවිඩයන් ගේ නිර්මාණයක් යැයි ඔවුහු කී හ. මේ සියල්ල දැන් බොරු වී ඇත. ද්‍රවිඩයන් දකුණු ඉන්දියාවට පැමිණියේ අවුරුදු දෙදහස් පන්සියකට පමණ පෙර බවත් ඒ වන විට ද එහි පමණක් නොව ලංකාවේ ද (වෛදික) රාජධානි හා සංස්කෘතියක් තිබූ බවත් අපි දනිමු. මා මෙහි දී වෛදික සංස්කෘතිය යැයි කියන්නේ අර්යය හා අනාර්යය සංස්කෘතීන් මිශ්‍ර වී තැනුණු සංස්කෘතියට ය.
අනාර්ය ජනයා යනු ආර්යය සංස්කෘතිය පැමිණෙන විට භාරතයේ හා ලංකාවේ සිටි ජනයා ය. ඉන් ද්‍රවිඩ යන්න නොහැඳින්වෙයි. ද්‍රවිඩයන් පැමිණියේ ආර්යයන්ට ද පසු ව ය. මොහෙන්ජදාරෝ හරප්පා යනු අනාර්යය මිස ද්‍රවිඩ සභ්‍යත්වයක් නොවේ. දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය චේර රාජධානි ද මුල දී ආර්ය (වෛදික) විය. ඒවා ද්‍රවිඩ වූයේ විජය රජු මෙහෙසියක් ගෙන ඒමෙන් ද පසු ව ය. විජය රජු ගේ මෙහෙසිය අයත් වූයේ වෛදික සංස්කෘතියට ය. (ඇය කිනම් සංස්කෘතියකට අයත් ද යන්න වැදගත් ප්‍රශ්නයක් නොවේ. විවාහයෙන් පසු දරුවන් ලැබිණි නම් දරුවන් විජය රජු ගේ වෛදික සංස්කෘතියට අයත් වීමට තිබිණි.) ආචාර්ය නීලඛණ්ඨ ශාස්ත්‍රී මහතා ආදී ඉතිහාසඥයන් ගේ පොත් පත් කියවීමෙන් ඉහත සඳහන් නිගමනවලට පැමිණිය හැකි ය.
ලංකාවේ දෙමළ ඉතිහාසයට එතරම් වයසක් නැත. මෙරට දෙමළ භාෂාව ඉන්දියාවේ දෙමළ භාෂාවෙන් එතරම් වෙනස් නොවන බව එක් ලේඛකයෙක් ඉරිදා දිවයිනෙන් පෙන්වා දිණි. එමෙන් ම මෙරට දෙමළ ජනයා තව මත් කතා කරන්නේ සංගම් යුගය, චෝල අධිරාජ්‍ය යුගය ගැන ය. ඒවා තමන් ගේ දේ ලෙස සිතති. ඒ ගැන ආඩම්බර වෙති. එහි තේරුම මෙරට දෙමළ ජනයා ඉන්දියාව සමග මෑතක් වන තුරු ම සම්බන්ධ වී සිටි බව ය. මෙරට අවුරුදු තුන් දහසක ඉතිහාසයක් ගැන කතා කළ ද ඔවුන්ට තමන් ගේ ඉතිහාසය ලෙස පෙන්වා දීමට, ආඩම්බර වීමට ඇත්තේ දකුණු ඉන්දියාවේ ඉතිහාසය ය.
පෘතුගීසීන්ට යටත් වීමෙන් පසු යාපනේ තිබූ ආර්යය චක්‍රවර්තී රාජ්‍යය බිඳ වැටුණි. මේ ආර්ය චක්‍රවර්තී රාජ්‍යය ස්වාධීන රාජ්‍යයක් නොවී ය. එය සිංහල රජු ගේ යටත් රාජ්‍යයක් ලෙස පැවතුණි. කෙසේ හෝ යුරෝපීයයන්ට යටත් වීමෙන් පසු යාපනයේ ජනයා යුරෝපීයයන්ට එරෙහි ව සටන් කර නැත. සිංහලයෝ එසේ නොවූ හ. මායාදුන්නේ රජුගේ සිට පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා යුගය දක්වා ම විහිදී ඇත්තේ එක ම සටන් මාලාවකි. එය ඉදිරියට ගෙන ගියේ අනගාරික ධර්මපාල තුමා ය. පෘතුගීසි කාලයෙන් පසු දෙමළ ජනයා සිංහලයන් මෙන් යටත් විජිතවාදීන්ට විරුද්ධ ව සටන් නොකිරීමට හේතුව කුමක් ද ? ඒ ඔවුනට යාපනය සමග ඓතිහාසික සම්බන්ධයක් නොතිබීම ය. 1619 දී පෘතුගීසීන්ට යටත් වීමෙන් පසු යාපනයේ සංවිධිත දෙමළ ජනතාවක් නොවී ය. ඉන් පසු ව යාපනයට ජනයා ගෙන්වනු ලැබූයේ ලන්දේසීන් විසිනි. තම දුම්කොළ වගාවට ඉන්දියාවේ මලබාරයෙන් ගෙන්වූ මේ ජනයාට යාපනය සමග සම්බන්ධයක් නොවී ය. ඔවුහු දුම්කොළ අස්වැන්න නෙළා ගැනීමෙන් පසු ආපසු මලබාරයට ගිය හ. මොවුන්ට ස්ථීර වාසස්ථාන ඇති කිරීම සඳහා ලන්දේසීහු මලබාරයේ මුස්ලිම්වරුන් ගේ නීතියක් වූ තේසවලාමෙයි නීතිය 18 වැනි සියවස මුල දී සංග්‍රහ කළ හ. එය යාපනයේ දෙමළ ජනයා ගේ නීතියක් බවට පත් වූයේ එලෙසිනි. අද යාපනයේ වෙසෙන දෙමළ ජනයා ගෙන් වැඩි පිරිස ලන්දේසීන් විසින් මලබාරයෙන් ගෙන්වනු ලැබූවන් ගෙන් පැවත එන්නෝ වෙති. ඉංගිරිසි පාලන කාලයේ දී ද යාපනය වැසියන් හඳුන්වන ලැබූයේ මුල දී මලබාර සංක්‍රමණිකයන් වශයෙනි. පසු ව මලබාර වැසියන් යන නම ඔවුනට ලැබුණි. දෙමළ ජනයාට අදත් ආඩම්බර වීමට ලංකාවේ ඉතිහාසයක් නැත. ඔවුහු සංගම් යුගය, චෝල අධිරාජ්‍යය ආදී, දකුණු ඉන්දීය ඉතිහාසය ගැන තවමත් කතා කරති.
සිංහලයෝ එසේ නොවෙති. ඔවුනට බුදු දහම හා වෛදික සංස්කෘතියේ ඇතැම් අංග ඉන්දියාවෙන් ලැබුණ ද ඔවුන්ගේ ඉතිහාසය වන්නේ ලංකාවේ ඔවුන් විසින් ගොඩ නගන ලද සංස්කෘතියේ ඉතිහාසයයි. සිංහලයෝ ඉන්දියාවේ ඉතිහාසය තම ඉතිහාසය ලෙස නොසලකති. මෙහි තේරුම ලංකාව සමග සිංහලයන් ගේ ඇති සම්බන්ධයයි. සිංහලයන් තමන්ට ලංකාව හැරෙන්නට වෙනත් රටක් නැති බව සලකන්නේ එබැවිනි. දෙමළ ජනයා දකුණු ඉන්දියාවේ ඉතිහාසයට උරුමකම් කීම තුළ ම ලංකාවට ඇති සම්බන්ධය ව්‍යාජයක් බව තමන් නොදැනුවත් ව කියති. කට බොරු කිවූව ද දිව බොරු නොකියන්නේ යැයි කියන්නේ මෙවැනි දේ සම්බන්ධයෙනි.
දෙමළ ජනයාට ඈතට දිව යන අඛණ්ඩ ඉතිහාසයක් නැති වුව ද ඉංගිරිසින් විසින් ඇති කරන ලද ප්‍රබල බහු වාර්ගික සංකල්පය තුළ ඔවුහු ලංකාවේ ප්‍රධාන ජන වර්ග දෙකෙන් එකක් බවට පත් කරන ලද හ. ඉංගිරිසින් විසින් ඇති කරන ලද දෙමළ ජාතිවාදයට තම අභිලාෂය වූ සිංහලත්වයට, එනම් සිංහල ජාතියට, සිංහල භාෂාවට, සිංහල සංස්කෘතියට හා සිංහල ඉතිහාසයට හිමි තැන අහිමි කිරීම මුදුන්පත් කරගැනීමෙහි ලා බාධා වූ කරුණු දෙකක් විය. එකක් සිංහලයන් මෙරට අති මහත් බහුතරය වීම ය. අනෙක සිංහලයන් විසින් මෙරට ගොඩ නගන ලද අනන්‍ය සංස්කෘතියේ ඉතිහාසය ය.
දෙමළ ජාතිවාදීහු මේ කරුණු දෙක ම ප්‍රතික්ෂේප කරති. ව්‍යවස්ථාදායකයේ දෙමළ මන්ත්‍රී සංඛ්‍යාව සිංහල මන්ත්‍රී සංඛ්‍යාවට සමාන කළ යුතු ය යන ඉල්ලීම පිටුපස ඇත්තේ සිංහලයන් බහුතරය බව පිළිගැනීමට ඇති අකැමැත්ත ය. වෙනත් කිසි ම රටක මෙවැනි ඉල්ලීමක් කළ නොහැකි ය. සෝල්බරි සාමිට පවා පනහට පනහ ඉල්ලු දෙමළ ජාතිවාදීනට කීමට සිදු වූයේ ව්‍යවස්ථා උපාමාරු මගින් බහුතරයක් සුළුතරයක් බවට පත් කළ නොහැකි ය යන්න ය.
දෙවැනි කරුණ වූ සිංහල ඉතිහාසය ප්‍රතික්ෂේප කිරීම සඳහා දෙමළ ජාතිවාදීහු මහාවංශ භීතිකාවක් ගොඩ නැගූ හ. මහාවංශය මිථ්‍යාවක් බව දෙමළ ජාතිවාදීහු, ඊනියා ඉතිහාස මහාචාර්යවරු පුන පුනා කී හ. එහෙත් ආචාර්ය ශිරාන් දැරණියගල මහතා ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ දී කරන ලද කැණීම් වලින් තහවුරු වී ඇත්තේ, වංශකතාකරුවන් මෙරටට වෛදික (ආර්ය) සංස්කෘතිය පැමිණි කාලය පිළිබඳ ව, අඩු ම තරමින් අවුරුදු තුන් සියයකින් වත් පසු දිනයක් සඳහන් කර ඇති බව ය.
දැරණියගල මහතාගේ කැණීම්වලට අනුව වෛදික සංස්කෘතිය මෙරටට පැමිණ ඇත්තේ ක්‍රිස්තු පූර්ව 9 වැනි සියවසේ දී ය. දෙමළ ජාතිවාදීන් සිංහල ඉතිහාසය ප්‍රතික්ෂේප කිරීමට වෑයම් කරන විට එම ඉතිහාසය පෙරටත් වඩා ශක්තිමත් ව දෙමළ ජාතිවාදය අභියස පෙනී සිටීම ඉතිහාසයේ ම සරදමකි.
අද කළ යුතු ව ඇත්තේ දෙමළ ජාතිවාදය දේශපාලනික ව හා හමුදා මෙහෙයුම්වලින් පරාජය කිරීම ය. දෙමළ ජාතිවාදය න්‍යායාත්මක ව පරාජය කෙරී තරමක් කල් ගත වී ඇත. දෙමළ ජාතිවාදය යනු සංකීර්ණ ක්‍රියාදාමයකි. මේ පොතෙහි දක්වා ඇති ආකාරයට කොටි සංවිධානය යනු දෙමළ ජාතිවාදයේ විකාශයේ එක් අවස්ථාවකි. කොටි සංවිධානය යනු දෙමළ ජාතිවාදයේ ආයුධ සන්නද්ධ අංශය වෙයි. කොටි සංවිධානය හමුදා මෙහෙයුම්වලින් පරාජය කිරීම පමණක් නොසෑහේ. දෙමළ ජාතිවාදය දේශපාලනිකව ද පරාජය කළ යුතු ය. ඇතැම්හු ෆැසිස්ට් කොටි සංවිධානය හමුදා මෙහෙයුම්වලින් පරාජය කිරීමට පමණක් කතා කරති. ඒ ඔවුන් ගේ ජීවිත ගලවා ගැනීම සඳහා පමණක් ය. ඔවුහු දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කිරීමට විරුද්ධ වෙති. ඔවුහු තවමත් ඊනියා අසාධාරණකම් ගැන කතා කරති. දෙමළ ජාතිවාදයේ අනුග්‍රාහකයන් වූ ඔවුන්ගේ බසට අප රැවටිය යුතු නොවේ. කොටි පරාජය කිරීමට ඉල්ලු පමණින් ඔවුහු ජාති හිතෛෂීහූ නොවෙති.
කොටි සංවිධානය බිහි වූයේ දෙමළ ජාතිවාදය නිසා ය. කොටි සංවිධානය හමුදා මෙහෙයුම්වලින් පරාජය කිරීමෙන් පමණක් සෑහීමකට පත් වුවහොත් දෙමළ ජාතිවාදය විසින් තවත් කොටි සංවිධානයක් බිහි කරනු ලැබීමට ඉඩ ඇත. එබැවින් දෙමළ ජාතිවාදය දේශපාලනික ව ද පරාජය කිරීමට අප ඉටා ගත යුතු ය.
අපි අද ප්‍රශ්නය තේරුම් ගෙන සිටිමු. එබැවින් විසඳුම ද පැහැදිලි ය. ප්‍රශ්නය දෙමළ ජාතිවාදයයි. බටහිරින් පෝෂණය වන දෙමළ ජාතිවාදය සිංහලත්වයට හිමි තැන අහිමි කිරීමට වෑයම් කරයි. මේ බටහිර ව්‍යාපෘතියේ එක් කොටසක් පමණකි. බටහිර ව්‍යාපෘතිය යනු මුළු ලෝකයට ම තම සංස්කෘතිය, දේශපාලනය හා ආර්ථීකය හිමි කර දීම ය. එහි දී අනෙක් සංස්කෘති, ආර්ථීක හා දේශපාලන ක්‍රම නැති කිරීමට වෑයම් කෙරේ. සිංහලත්වය නැති කිරීමට දෙමළ ජාතිවාදය යොදාගන්නා බටහිරයන් දෙමළ හින්දු සංස්කෘතිය ද නැති කිරීමට කටයුතු කරනු ඇත. අප මේ ව්‍යාපෘතිය පරාජය කළ යුතු ය. අද ගෝලීයකරණය නමින් ක්‍රියාත්මක වන්නේ බටහිර ව්‍යාපෘතියේ නවතම අවධිය බව අමතක නොකළ යුතු ය. එහි මුල් අවධි දෙක වූයේ යටත් විජිතකරණය හා අධිරාජ්‍යකරණයයි.
මෙම තුන් වන මුද්‍රණය නිකුත් කිරීමේ දී ආධාර කළ අය බොහෝ වෙති. මෙම පොත ඉංගිරිසියට පරිවර්තනය කළ මහත්මිය තුන් වන මුද්‍රණයේ වියදම් පියවීම සඳහා රුපියල් දහදාහක් පරිත්‍යාග කළා ය. තිළිණ කළුපෙරුම මහතා සෝදු පත් කියවී ය. එරික් ගාමිණී, සංජීව විෙජ්සිංහ යන මහත්වරු මේ සම්බන්ධයෙන් මා උනන්දු කළ හ. ලලිත් වික්‍රමරත්න මහතා ඇතුළු ලක්මා කාර්ය මණ්ඩලය මෙම තුන් වන මුද්‍රණය එළි දැක්වූ හ. ඒ සියල්ලන්ට මගේ ස්තූතිය පිරිනැමෙයි.
නලින් ද සිල්වා
2544 පොසොන් / 2000 ජුනි 30 මහරගම දී ය.