පර්වතය මුදුනේ සෑයවල් දෙකක පාදම් කොටස් කටාරම් කෙටූ ලෙන් අටක් ශිලා ලිපි වඩ්ඩමාන පුරාවිද්‍යා භූමිය බෞද්ධ පුදබිමක් බව ඔප්පු කරන්න හොඳම සාක්‍ෂි…
වඩ්ඩමාන පර්වතයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන් කඳවුරක් පවත්වාගෙන ගිහින් තියෙනවා…
වඩ්ඩමාන පුරාවිද්‍යා ස්ථානයට අන්තවාදීන් රිංගන්න පටන්ගත්තෙ අද ඊයේ නොවේ යුද්ධයේ අවසානයත් එක්කයි…
කටාරම් කෙටූ ලෙනක බිමට පස් පුරවලා දේව ප්‍රතිමාවක් තැන්පත් කරලා…
බෞද්ධ විහාරයක උදැල්ලක්වත් ගහන්න අවසර නොදෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උතුරේ ඇතැම් පුරාවිද්‍යා ස්ථානවල කෝවිල් හදන්න අවසර දෙයි…
උතුර” නැගෙනහිර පූජා භූමි කොල්ලය තවමත් නතර වී නැත. මහා වනාන්තර මැද සැඟ වී තිබෙන ඉපැරැණි” ඓතිහාසික බෞද්ධ පූජා භූමි තුළ ද ත්‍රිශූල ගසා දේව ප්‍රතිමා තබා අයිතිවාසිකම් කීමට තරම් දෙමළ අන්තවාදීහු .පූජා හූමි ප්‍රේතයන්. බවට පත්ව සිටිති. දැන් අප පය ගසා සිටිනුයේ ද එසේ පූජා භූමි කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුව ඇති ඉපැරැණි බොදු බිමකය. ඒ උතුරු පළාතේ” වව්නියා දිස්ත්‍රික්කයේ වව්නියා උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕලුමඩු 222 බී ග්‍රාමසේවා වසමේ පාලමොට්ටෙයි ගමෙහි නයිනමඩු රක්‍ෂිතය තුළ පිහිටා ඇති ඉපැරැණි පුරාවිද්‍යා භූමියේ ය. දුරකතර ගෙවාගෙන” කිලෝ මීටර් ගණන් පයින් ඇවිදගෙන අප එම භූමියට පය තැබුවේ මෑතක නොවේ. ප්‍රථම වරට එම ස්ථානයට ගමන් කළේ 2020 පෙබරවාරි මාස දිනකය.
එම පුරාවිද්‍යා ස්ථානයේ වර්තමාන තත්ත්වය සහ ඓතිහාසික තොරතුරු සොයාගෙන පැමිණි අපි .නයිනමඩු රක්‍ෂිතයේ ඓතිහාසික වඩ්ඩමාන විහාරය කෝවිලක් වෙන්නට පෙර…. ශීර්ෂය යටතේ එම වර්ෂයේ පෙබරවාරි මාසයේ .දිවයින ඉරිදා සංග්‍රහයේ ලිපියක් පළකළෙමු. 2020 වර්ෂයේ පෙබරවාරි මාසයේ අප කළ අනතුරු ඇඟවීම 2023 වර්ෂයේ අප්‍රේල් මාසයේ දිනක යථාර්ථයක් බවට පත් වී තිබේ. ඒ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්” පළාත් සභා” ප්‍රදේශීය දෙමළ දේශපාලනඥයන් පිරිසක් සමඟ සාමාන්‍ය දෙමළ ජාතීන් විශාල කණ්ඩායමක් වඩ්ඩමාන බෞද්ධ පුරාවිද්‍යා භූමියට ගොස් ශිවලිංගයක් තැන්පත් කිරීමත් සමඟය. එදින ඇති වූ ගැටලුකාරී තත්ත්වයෙන් පසු මේ වන විට එම පුරාවිද්‍යා ස්ථානයට පොලිස් ආරක්‍ෂාව යොදවා ඇති බව ද වාර්තා වේ. දැන් එම පුරාවිද්‍යා භුමිය ආරක්‍ෂිත කලාපයකි. වර්තමාන කතාව පෙළගැසෙනුයේ එතැන සිටය.
වංශ කතාවල සඳහන් ආකාරයට මේ බොදු බිම .වඩුන්නාගල. නමින් හැඳින්වෙන නාග ගෝත්‍රිකයන්ගේ පර්වත රාජධානියකි. මෙම ස්ථානයේ ඇති ක්‍රි. පූ. 3 – 1 සියවස්වලට අයත් පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි අනුව සහ වංශකතා සාධක මත .වඩ්ඩමාන පර්වත විහාරය ආරම්භ වී ඇත්තේ එම කාලයේදී බව ද ඉතිහාසයේ සඳහන්ය. එමෙන්ම මේ පුරාවිද්‍යා භූමියේ ඇති පර්වත මස්තකයෙහි නටබුන් වූ ස්තූප දෙකක සාධක හමු වී තිබේ. එම ස්තූපවලින් එකක් අඩි 11 ක් උසින් සහ අඩි 40 ක විශ්කම්භයකින්ද” අනෙක් ස්තූපය අඩි 6 ක් උසින් සහ අඩි 21 ක විශ්කම්භයකින්ද යුක්ත බව පුරාවිද්‍යා වාර්තාවල සඳහන් වේ. එම ස්තූප සොයාගන්නා විටත් නිධන් හොරුන්ගේ ග්‍රහණයට සහ ස්වභාවික හානියන්ට ලක්ව ඇති බව ද එම වර්තාවල සඳහන් ය. එමෙන්ම උතුර” නැගෙනහිර බෞද්ධ උරුමය ගවේෂණය කරන පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ ද 1960 වර්ෂයේදී වඩ්ඩමාන බෞද්ධ පුදබිමට වැඩම කර ඇති බවත්” යුද සමයේදී ද මේ ස්ථානයට වැඩම කළ බව උන්වහන්සේ වරක් මා සමඟ පැවසූහ. දශක කිහිපයක් තිස්සේ සිට උන්වහන්සේ සිදු කළ ගවේෂණ ඇසුරෙන් රචනා කර ඇති .උත්දරපස්ස හා ප්‍රාචීන පස්ස. කෘතියේ ද නයිනමඩු වඩ්ඩමාන බෞද්ධ පුරාවිද්‍යා ස්ථානය ගැන විස්තරාත්මකව සඳහන් කර තිබේ. වඩ්ඩමාන පුරාවිද්‍යා ස්ථානයේ ගවේෂණ චාරිකාවේදී හමු වූ දෙමළ ජනතාව එම පුරාවිද්‍යා ස්ථානය සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් කළ බවත්” එම ස්ථානයට බුදුරාජාණන් වහන්සේ වැඩම කර ඇති බව ජනප්‍රවාදයේ කියැවෙන බවත් දෙමළ මිනිසුන් පැවසූ බව මෑතක උන්වහන්සේ විසින් මාධ්‍යයට පවසා තිබුණහ. එමෙන්ම වඩ්ඩමාන පුරාවිද්‍යා ස්ථානය ඓතිහාසික බෞද්ධ පුදබිමක් බවට සනාථ කිරීමට ඇවැසි සාධක ඕනෑවටත් වඩා ශේෂ වී තිබෙන අයුරු 2020 වර්ෂයේ පෙබරවාරි මාසයේ එම ස්ථානයට ගිය අපට දැකගැනීමට ලැබුණු බව ද සැබෑය.
වඩ්ඩමාන පර්වත විහාරය පිහිටා ඇති නයිනමඩු රක්‍ෂිතය හෙක්ටයාර් නවදාහසකට වැඩිය. පලු” වීර” කුඹුක්” කළුමැදිරිය මිල්ල ආදී විවිධකාර විශාල ගස්වලින් මෙන්ම යටි රෝපණයකින් සුන්දර වූ මේ වනපෙත අලි” කොටි” වලස්සු” ගෝන්නු” මුව රංචු මෙන්ම විවිධාකාර මත්ස්‍ය විශේෂ ජීවත් වන වැව් අමුණුවලින් ද අඩු නැති බව සැබෑය. එමෙන්ම එම සුන්දර වනපෙත මැද විශාල ගල් කන්ද තුළ මෙන්ම අවට තැන” තැන පිහිටි මහා ගල් පර්වත මත කටාරම් කෙටූ ලෙන් කුටි අටකි. ඇතැම් ලෙන් කුටිවල පූර්ව බ්‍රාහ්මී ලිපි පැහැදිලිව දිස් විය. පාදම් ගල් දහයකින් යුත් ගොඩනැඟිල්ලක සාධක සහ සක්‍රීය තත්ත්වයේ පවතින ස්වභාවික පොකුණු දෙකක් එම පුණ්‍ය භූමියේ නටබුන්ව පවතී. පර්වත මුදුනේ තැනිතලා ප්‍රදේශයේ විශාල ගොඩනැඟිල්ලක් තිබූ බවට නටබුන් ශේෂ වී ඇති අයුරු ද දැකිය හැකිය. ඉපැරැණි පෙති උළු” පැරැණි වළං කොටස් එම භූමිය පුරා විසිරී ඇති අයුරු ද ඇස ගැටිණි. එමෙන්ම පුරාවිද්‍යා ස්ථානය අවට නයිනමඩු රක්‍ෂිත ප්‍රදේශය තුළ නටබුන් වී ගිය වැව් එකළොහක් සොයාගෙන ඇති බව ද වාර්තා වේ. නාගයිකුලම්” තිරුකඩුකුලම්” පන්කුලම්” වෙප්පන්කුලම්” මෝලයිකුලම්” කයිරුප්පන්කුලම්” පුලියන්කුලම්” වලම්පන්කුලම්” කඩිපර්වින්කුලම්” නෙඩුකුලම්” නොච්චිකුලම් වශයෙන් හඳුන්වන එම වැව් සහ අද නටබුන් බවට පත්ව ඇති .වඩ්ඩමාන පර්වත ආරාම සංකීර්ණය. කේන්ද්‍රකරගත් විශාල ජනාවාසයක් එම ප්‍රදේශයේ පැවති බවට ද සාධක හමු වෙමින් තිබේ. එවැනි පෞඪ ඉතිහාසයක් සහිත වඩ්ඩමාන පර්වත ආරාම සංකීර්ණයට අලුත් ඉතිහාසයක් ඔබ්බවීමට දෙමළ අන්තවාදී කණ්ඩායම් වලිකමින් සිටින අයුරු ද 2020 වර්ෂයේ පෙරබවාරි මාසයේ දිනක එම ස්ථානයට පය තැබූ අපට දැක ගැනීමට ලැබිණි.
වඩ්ඩමාන පර්වත විහාර භූමියේ පිහිටි ලෙන් කුටි දෙකක් තුළ කුඩා හින්දු පිළිම තැම්පත්කොට හින්දු ආගමික වතාවත්වල යෙදෙන බවට සාක්‍ෂි දැකගැනීමට තිබිණි. පර්වත මස්තකයෙහි දැකිය හැකි එක් නටබුන් ගොඩැල්ලක ව්‍යුහයට හානි කරමින් හින්දු පිළිම තැම්පත් කොට වතාවත් සිදු කර ඇති අයුරු ද අපි දුටිමු. එම ස්තූපයෙන් ගලවා ඉවත් කළ ගල් පහළ ගොඩ ගසා ඇති අයුරු ද දිස් විය. පුරාවිද්‍යාත්මක භූමි දර්ශනයට හානි පමුණුවමින් බොදු බිමෙහි ඇති ඇතැම් ලෙන්වල සහ අවට ගස්වල සුදු පිරියම් කර ඇති ආකාරය ද නිරීක්‍ෂණය විය. එමෙන්ම පුරාවිද්‍යා සන්දර්භයට” පුරාවිද්‍යාත්මක ව්‍යුහයන්ට සහ පුරාවස්තූන්ට හානි කරමින් පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපි සහිත එක් ලෙනක පිටතින් රැගෙන එන ලද පස් පුරවා බිම සකසා කෝවිල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට පාදම සකසා ඇති අයුරු ද අපි දුටිමු. එම පුරාවිද්‍යා භූමියේ මහ ගස් කපා විනාශ කර ඇති අයුරු ද දර්ශනය විය. වතාවත් සිද්ධ කිරීමට පැමිණෙන හින්දු බැතිමතුන්ට විවේක ගැනීම සඳහා ඉදිකර විශාල පොල්අතු මඩු දෙකක් ද පසෙක දිරාපත් වෙමින් තිබිණි. අවට ප්‍රදේශයම හොඳින් දර්ශනය වන උස් පර්වතය සහිත ඓතිහාසික භූමි භාගය තුළ කොටි ත්‍රස්තවාදීන් කඳවුරක් පවත්වාගෙන ගොස් ඇති බවට ද සාධක හමු වී තිබේ. එමෙන්ම ඉපරැණි පුරාවිද්‍යා භූමියට අප සමඟ ගිය පුරාවිද්‍යා නිලධාරියකු බොදුබිමෙහි ඓතිහාසික වටිනාකම සහ දෙමළ අන්තවාදීන් විසින් එම පුරාවිද්‍යා භූමියට සිදු කර ඇති විනාශය පැහැදිලි කළ අයුරු දැනුදු මගේ මතකයට නැගේ.
“ත්‍රස්තවාදී යුද්ධය අවසානයත් සමඟ 2009” 2010 වර්ෂවලදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් උතුරේ පුරාවිද්‍යා ස්ථාන ගැන ගවේෂණයක් කරලා තියෙනවා. මේ ස්ථානයත් ඒ ගවේෂණ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. 2015 වර්ෂයේදී වව්නියාව පුරාවිද්‍යා ප්‍රාදේශීය කාර්යාලය ආරම්භ කිරීමෙන් පසු අපි මේ ස්ථානය අධීක්‍ෂණය කරන්න පටන් ගත්තා. දැනට සොයාගෙන තිබෙන තොරතුරු සහ ජනප්‍රවාදයේ පවතින ආකාරයට මේ ස්ථානය නාග ගෝත්‍රිකයන්ගේ පර්වත රාජධානියක්. මේ ප්‍රදේශවල ජීවත් වන දෙමළ මිනිස්සු අදටත් නාග වන්දනාව කරනවා. ඒ වගේම මේ පුරාවිද්‍යා භූමියේ තියෙන සෙල් ලිපිවල සඳහන් ආකාරයට කටාරම් සහිත ලෙන් කුටි භික්‍ෂූන්වහන්සේ උදෙසා පූජා කර තියෙනවා. ඇතැම් පිරිස් කටාරම් සහිත ලෙන් කුටිවලට පස් පුරවා අලුතින් ගොඩනැඟිලි නිර්මාණය කර ඉතිහාසය මකා දමන්න සූදානම් වෙනවා. ඉතාම අසීරුවෙන් අපි ඒ දේවල් නතර කරගෙන ඉන්නවා. දෙමළ මිනිස්සු නෙමෙයි භික්‍ෂූන් වහන්සේ නමක් ඇවිත් ගොඩනැඟිලි හදන්න හැදුවත් පුරාවිද්‍යා නීතියට අනුව අපි ඉඩ දෙන්නෙ නෑ. ලෙන් කියන්නෙ කැණීම් කරලා ප්‍රාග් ඓතිහාසික යුගයට යන තෙක් තොරතුරු අනාවරණය කරගැනීමට හැකි පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනා ස්ථානයක්. ඒත් මේ ස්ථානයේ එක ලෙනක පස් පුරවා විශාල විනාශයක් කරලා තියෙනවා. ඒ වගේම ප්‍රදේශයේ දෙමළ මිනිස්සු කියන්නෙ අතීතයේ සිට ඔවුන් මේ ස්ථානයේ වැඳුම් පිදුම් කරනව කියලා. ඒත් කාලයක් තිස්සෙ ඉඳලා වැඳුම් පිදුම් කරපු බවක් මේ ස්ථානයෙන් පෙන්නුම් කෙරෙන්නෙ නෑ…”
“මේ ස්ථානයේ පුරාවස්තුවලට කියලා හානි වෙලා තියෙන්නෙ පර්වතය මුදුනේ ස්තූපය ගලවලා අයින් කිරීම” කටාරම් සහිත ලෙනකට පස් පුරවා කරපු හානිය විතරයි. ඒක සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවක්. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාගේ අනුමැතියකින් තොරව අපිවත් ලෙනක කැණීම් කරන්නෙ නෑ. උතුරේ දේශපාලනඥයො මැදිහත් වෙලා මේ ස්ථානයේ කෝවිලක් හදන්නම තමයි සූදානම් වුණේ. පර්වතයට නඟින්න ඉනිමඟක් ගැහුවා. අපි කොච්චර එපා කිව්වත් ඇහුවේ නෑ. බලහත්කාරයෙන්ම ඉනිමඟ ගැහුවා. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මේ ස්ථානය වගේම උතුරේ පුරාවිද්‍යා ස්ථානවලට ඇති බලපෑම ගැන පාර්ලිමේන්තුවෙත් කතා කළා. ඒත් මේ පුරාවිද්‍යා භූමි ආරක්‍ෂා කිරීමට තවම ස්ථිර වැඩපිළිවෙළක් නෑ. අපිටත් නිතරම මේ ස්ථානවලට ඇවිත් අධීක්‍ෂණය කරන්න බෑ. වව්නියාව” මුලතිව්” මන්නාරම දිස්ත්‍රික්ක තුනටම ඉන්නෙ නිලධාරීන් තුන්හතරදෙනයි. මේ ස්ථානය අයිති වෙන්නෙ වව්නියා කලාප භාර නිලධාරිවරයාට. ඔහුට මේ සියලු පුරාවිද්‍යා ස්ථාන නිතර” නිතර පරීක්‍ෂා කරන්න අපහසුයි. මේ වගේ කැලෑවකට තනියෙන් නිලධාරියෙක් එවන්නත් බෑ. පැමිණිල්ලක් ආවොත් පොලිසියට දැනුම් දීලා පොලිස් නිලධාරීන් එක්ක තමයි මේ ස්ථානයට එන්නෙ. මේ ප්‍රදේශවල දෙමළ මිනිස්සු අපි දිහා බලන්නෙ වපර ඇසින්. ඒ අය හිතාගෙන ඉන්නෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නෙ පන්සල් හදන” සිංහල මිනිස්සු පදිංචි කරවන ආයතනයක් කියලා. අපිට ජාති බේද නෑ. අපි කරන්නෙ පුරාවිද්‍යා නීතිරීති ක්‍රියාත්මක කරවීම විතරයි…” ඔහුගේ පැහැදිලි කිරීම දිගය. පෙළගැසෙන කතාවට අවශ්‍ය තොරතුරු ලබාගෙන ඉතිරිය අපි වසා තැබුවෙමු.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සේවය කරනුයේ යකඩ මිනිසුන් නොවේ. ලේ” ඇට” මස් නහරවලින් සැදුම්ලත් මිනිසුන්ය. ඔවුන්ට ද රකින්නට පවුලක් සිටී. ලේ රස අත්විඳ ඇති උතුරේ ඇතැම් දෙමළ මිනිසුන්ට පුරාවිද්‍යා නිලධාරියකුගේ ගමන සදහටම නතර කිරීම අපහසු දෙයක් නොවේ. එහෙයින් එම නිලධාරියා පවසන කතාවේ සාධාරණයක් තිබේ. එහෙත් නයිනමඩුව රක්‍ෂිතයේ වඩ්ඩමාන පර්වත විහාරය අන්තවාදී කණ්ඩායම් විසින් කොල්ලකෑමට සූදානම් වන ආරංචිය සැල වූ අවස්ථාවේ සිට අපගේ ලේ ධාතූ කකියන්නට ගත්තේය. එම බොදු බිමට පැමිණෙන තෙක් අපට ඉවසුමක් නැති විය. එහෙත් සැප වාහනවල නැගී මේ බොදුබිමට පැමිණීමට කාපට් මාර්ග නැත. වව්නියාව නගරයෙන් පැමිණ ඕලුමඩු හන්දියෙන් වෙඩික්කින්න පාරට හැරුණු තැන සිට ගමන අතිශය කටුකය. ගිනි මද්දාහනේ දූවිල්ලෙන් පිරුණු ගුරු පාරේ පැමිණෙන විට නාස් පුඬු දැවී ඉහමොළ රත් වූවා පමණක් නොව හුස්ම ගැනීමට අපහසු වූ අවස්ථා ද තිබිණි. එහෙත් ගිරිදුර්ග” ජලදුර්ග මැඩගෙන දූවිලි වලාව මැදින් වඩ්ඩමාන පර්වත විහාරය සොයාගෙන පැමිණියේ ජාතික යුතුකම ඉෂ්ට කිරීමේ අධිෂ්ඨානය පෙරදැරිවය. අප එම ස්ථානයට පැමිණෙන විටත් පුරාවිද්‍යා නිලධාරීහු උපරිම ශක්තිය යොදා එම පුරාවිද්‍යා භූමිය ආරක්‍ෂා කරගෙන සිටියහ. එහෙත් එම පුරාවිද්‍යා භූමිය කැණීම් කොට ප්‍රතිසංස්කරණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ආර්ථික ශක්තියක් නැති බව අපට අනාවරණය විය. නයිනමඩු පුරාවිද්‍යා භූමිය පමණක් නොව උතුර” නැගෙනහිර සියලු පුරාවිද්‍යා භූමි කැණීම් කොට ප්‍රතිසංස්කරණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ආර්ථික ශක්තියක් නැත. වෙහෙර” විහාර ඉදිකිරීමට” පුරාවිද්‍යා භූමි නඩත්තු කිරීමට දැන් රටේ ආර්ථිකයට ද ශක්තියක් නැති තරම්ය. ඒ බව දැන සිටින දෙමළ දේශපාලනඥයන් සහ බෞද්ධ පූජා භූමි කොල්ලකෑමට වෙර දරන දෙමළ” මුස්ලිම් නඩය අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට උත්සාහ දරන බව පෙනේ. රොද බැඳගෙන වඩ්ඩමාන පුදබිමට ගොස් ශිවලිංගයක් තැන්පත් කිරීමට සූදානම් වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
එහෙත් අන්තවාදී පූජා භූමි කොල්ලකරුවන්ට බෞද්ධ පුණ්‍ය භූමි තුළ බඩපිනුම් ගැසීමට ඉඩ හැර බලා සිටීමට නොහැක. එමෙන්ම අපි සාමයට ද කැමතිය. සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ආකාරයට නන්දිකඩාල් කලපුවේ සද දිය වන හැටි නැරඹීමට” චුන්ඩිකුලම් උරුමඩලින් ඉර පායන හැටි නැරඹීමට දකුණේ මිනිසුන් කැමතිය. සයිවර් කඩයක දෙමළ සින්දුවක් අහගෙන” මසලවඩයක් කඩාගෙන කාලා සහෝදරත්වයෙන් ජීවිතය බෙදාගැනීමට දකුණේ මිනිසුන් කැමතිය. උතුරේ ගම්මානවල ගුරු පාරට කාපට් වැටෙන දිහා දකුණේ මිනිසුන් ප්‍රීති ප්‍රමෝදයෙන් බලා සිටින බව සැබෑය. දකුණේ බොහෝ සිංහල මිනිසුන් ගණදෙවි කෝවිල” ශිව දෙවියන් වන්දනා කරන බව සැබෑය. එහෙත් උතුරේ බෞද්ධ උරුමය කොල්ල කෑමට ඉඩ හැර දකුණේ බෞද්ධයන් බලා නොසිටින බව දෙමළ අන්තවාදීන් සිහි තබා ගත යුතුය. විශේෂයෙන්ම උතුරේ අන්තවාදී දෙමළ දේශපාලනඥයන් සිහි තබා ගත යුතුය.
****
මේ සම්බන්ධයෙන් මට ප්‍රකාශ නිකුත් කරන්න බෑ…පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් අනුර මනතුංග
වඩ්ඩමාන පුරාවිද්‍යා ස්ථානය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව ගැන පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් අනුර මනතුංග මහතාගෙන් අපි කරුණු විමසා සිටියෙමු. එහෙත් ඔහුගෙන් අපට ලැබුණේ මෙවැනි පිළිතුරකි.
“එම ගැටලුව සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙනවා. මමත් ඒ නඩුවේ චූදිතයෙක්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කරන්න බෑ.
****
අන්තවාදී කණ්ඩායම්වලට ඕන විදිහට මේ රටේ උරුමය විනාශ කරන්න දෙන්න බෑ…උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක ගල්ගමුවේ සාන්ත බෝධි හිමි
වඩ්ඩමාන පුරාවිද්‍යා ස්ථානය ගැන අවධානයෙන් කටයුතු කරන උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක ගල්ගමුවේ සාන්තබෝධි නායක හාමුදුරුවන් සමඟ ද උද්ගතව ඇති ගැටලුව සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළෙමු. මේ උන්වහන්සේ පැවසූ අදහස්ය.
“වඩ්ඩමාන පුරාවිද්‍යා ස්ථානය උතුරු පළාතේ ප්‍රධාන බෞද්ධ සිද්ධාස්ථානයක්. උතුරේ අන්තවාදී පිරිස් විටින්” විට ඇවිත් මේ බොදුබිමේ කෝවිල් හදන්න උත්සාහ කරනකොට අපි නතර කළා. ඒත් නැවත බෞද්ධ හඬ යටපත් කරගෙන දෙමළ අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ඉස්මතු වන ස්භාවයක් පේන්න තියෙනවා. ඒ නිසා තමයි දෙමළ දේශපාලනඥයන් නැඩ පිටින් ඇවිත් පුරාවිද්‍යා නීතිරීති උල්ලංඝනය කරමින් වඩ්ඩමාන බොදුබිමේ දේව ප්‍රතිමා තැන්පත් කරන්න සූදානම් වුණේ. රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල දුර්වලකම නිසා තමයි මෙවැනි අන්තවාදී ක්‍රියාකාරකම් ඉස්මතු වෙන්නෙ. ජාතික උරුමයන් විනාශ වෙන්නෙ. පොලිස් නිලධාරීන් බලාගෙන හිටිද්දී තමයි වඩ්ඩමාන පුරාවිද්‍යා භූමියේ දේව ප්‍රතිමා තැන්පත් කරන්න සූදානම් වෙලා තියෙන්නෙ. දකුණේ එවැනි දෙයක් වුණා නම් පොලිස් නිලධාරීන් මොනව නොකරයිද? ඒ වගේම හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් පී. බී. මණ්ඩාවල මහත්තයා එක අවස්ථාවක වඩ්ඩමාන පුරාවිද්‍යා ස්ථානයේ කෝවිල් උත්සවයක් පවත්වන්න අවසර දීලා තියෙනවා. ඒ අවසරය පාදක කරගෙන තමයි දෙමළ අන්තවාදී කණ්ඩායම් මේ ස්ථානයට අයිතිවාසිකම් කියන්නෙ. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් එදා ඒ අවසරය නොදුන්නා නම් අද මේ ගැටලුව මතු නොවෙන්න තිබුණා. වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාත් සංහිඳියාව කියමින් උතුරේ ඇතැම් බෞද්ධ පුරාවිද්‍යා ස්ථානවල කෝවිල් හදන්න අවසර දෙනවා. ඒ තුළින් සිදු වෙන්නෙ සංහිඳියාවක් නෙමෙයි” ජාතික උරුමයන් විනාශ කිරීමක්. බෞද්ධ සිද්ධාස්ථානයක යම් ඉදිකිරීමක් කරන්න සූදානම් වෙනකොට විවිධ නීති දාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා ස්ථානවල කෝවිල් හදන්න අනුමැතිය දෙනවා. මේ දෙබිඩි නීතිය ගැන මේ වෙනකොට ත්‍රෛනිකායික මහානායක හිමිවරු දැනුවත් කරලා තියෙනවා. රටක උරුමය ආගමකට” ජාතියකට අයිති දේපළක් නෙමෙයි” රටට අයිති උරුමයක්. ඒ නිසා අන්‍ය ආගමකට” ජාතියකට ඕන විදිහට මේ රටේ උරුමය විනාශ කරන්න දෙන්න බෑ…”
තරංග රත්නවීර