1
සෙත්සිරි දෙන මහ ගුණ මුහු දාණන්
සත් හට වන බව දුකට වෙ දාණන්
තිත් ගනඳුර දුරලන දිනි දාණන්
සිත් සතොසින් නමදිමි මුනි දාණන්
2
ඇම පමණින් පැචසූ මුනි දැන තතු
මෙම හැමදෙන බලවයි දැක් විය යුතු
තම තම නැණ පමණින් දැන ගත යුතු
මම නමදිමි සදහම් පහදා සිතු
3
සිරිමත් බඹ සිරසෙහි පා පිසි නා
සැරියුත් මහමුගලන් පිළිවෙළි නා
පිළිවෙත් සරු මහ සඟගණ සොබ නා
මුදුනත් බැඳ නමදිමි බැති පෙමි නා
4
මනරම් නරදම් සැරිදම් සඟනට
මෙලෙසින් බැතියෙන් තිදොරින් නමකොට
වෙසෙසින් පෙළදම් නොමදත් දනහට
පවසමි කළ කම් පල දැන් හෙළුකොට
5
දහමට සරිකොට එළුවෙන් පෙරකී
කවියට සිත පහදා සිට නිසැකී
සිහිකොට කඳ පිළිවෙළ දොස් නොයෙකී
නිවනට සපැමිණි සඟ සැට නමකී
6
එබැවින් එළුවෙන් කීවයි අනද ර
නොවමින් බැතියෙන් අදරින් නමක ර
සතොසින් ඇසුවොත් මෙදහම් මනහ ර
සැබවින් සිදුවෙයි සගමොක් සිරිස ර
7
බිම ඉඳ සිට කී බණ නා ස න්නේ
විම තිව උඩ ඉඳ සිට නා ස න්නේ
කැම තිව කීවොත් විම සා ස සන්නේ
එම වද සගමොක් සැප සා ද න්නේ
8
සියල් සසර දුක් දුරුකරැ නොයෙ කි
අසල් කරන මොක් සිරිසැප නිසැ කි
සියල් සතුනි පින් කරවයි මුනි කි
නොකල් අටකි පින්කම් කළ නොහැ කි
9
සිතුවත් බිය කරවන අර ත රයේ
වැටුණොත් එක්සිය සතිසක් නි රයේ
බලවත් දුක් වඳිනෙය කර ද රයේ
මඳකුත් පිනකට නැත අව ස රයේ
10
තිරිසන් ජාතියැ උපන්නත් පව් කො ට
අවසන් නොව බිය පචතියි පිට පි ට
මඳ සන්සුන් කමකුත් නැත හැම වි ට
සලසන්නේ කෙලෙසද සිත පින ක ට
11
උපනත් ප්රේතව පව් කොට නොපණත්
කලෙකත් නොලැබෙයි සෙම් සොටු පමණක්
උගුරත් නොතෙමෙයි සුරගඟ වැටුණත්
කලෙකත් පින් නොකළැති මැයි සිතුණත්
12
පව් මිස පිනකැයි නොකරන හැම ක ල
මුනිබණ නොපැවති පසල් දනව් ව ල
නිසි ලෙස උපනත් ලැබ දන මන ක ල
කිසි කලෙකත් කුසලක් නොකළැති බ ල
13
දද මිනිසුන් බස් ගෙන කිසි කලෙක කය
තද අකුසල් කොට කුසලින් වැළ කය
දද ගොළු බිහිරිව ලදුවත් මේ කය
මඳ පිනකුත් නොපිරෙයි බල නිසැ කය
14
සිත මිස කය නැති බඹලොව සතරකි
සිත නැතිවම කය ඇති බඹ තලයකි
මෙද සත පින්කොට උපදින පෙදෙසකි
එහි උපනත් කුසලක් නොම කළහැකි
15
බළකොටුවන් තර මෙසසර නුවරේ
මුලැසටුවන් දලුලන පව් පඳුරේ
විෂ කටුවන් සගමොක් මඟ අතුරේ
මිසදිටුවන් අයටත් පින් නොපිරේ
16
බුදු කෙනෙකුන් මේ ලොව නූපන් ව ර
අඳු රෙක්මය සදහම් නැති මෙස ස ර
ඉඳු රා නොදැනෙයි පව් පින් තොර තු ර
සිදු නොකළැකි ඉන් සඟමොක් සිරි ස ර
17
සැබවින් බණ ඇසුවත් මුනිඳුන් කී
ගොළුවන් බිහිරන් සේ නොව සැල කී
ඉඳිනෙන් මිස තොප කුසලින් වැළ කී
මෙලෙසින් පින් නොකළැකි කල් අට කී
18
දිගු පුළුලින් සක්වල වන් සිඳු කු ස
සිය වසකින් උඩ එන කැස්බෑ හි ස
විය සිදුරෙන් නැගෙතත් දුගතිය බැ ස
තව උපදින්නට බැරි මෙමිනිස් කු ස
19
කලකිනි බුදු කෙනෙකුන් උපදි න්නේ
දුකකිනි මිනිසත් බව ලැබග න්නේ
මෙදෙකිනි මෙසසර දුක් දුරල න්නේ
සුදනෙනි කිම වීරිය නොකර න්නේ
20
පස්පව් කොට මෙතැනත් ලැබ සෝ කය
ගොස් නිරයේ දුක් විඳිති අනේ කය
රැස්කොට ඉන් පින් මෙ මිනිස් ලෝ කය
සිස් නොකරව් කලකින් ලත් මේ කය
21
කන්නන් මෙන් විස අඹ පල රි ස්සේ
මන් සන්තොස් කර කිම පල සෙ ස්සේ
දැන් දැන් එයි මරුවා පසු ප ස්සේ
ඉන් පින් මය කටයුතු නම් ද ස්සේ
22
ඉස ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස
කුසලට මඳකුත් පමා නොවනු මිස
මෙසසර අත්හැර නොයන මෙදුක් රැස
වෙසෙසින් නැත අත්හරිනා උප දෙස
23
තැතකින් ගෙන දැමුවොත් කැට නුබ කු ස
අතරක නොරඳන මෙන් මේ බිම මි ස
සිත සතොසින් පින් නොකළොත් නිසි ලෙ ස
නැත සිටිනා තැන් සතර අපා මිස
24
තිරව නොසිත කුණුකය වෙත මායේ
නොතිර බවට විදුලිය උප මායේ
නිතර මෙකය පවකට නොන මායේ
කරව කුසල් වීරිය නොප මායේ
25
අඳුරෙහි අස්ලොම විදිනා වරදී
විදුලිය පැහැ වැර දුනහොත් වරදී
විදුලිය වන් මේ කය ලත් වරදී
සිදු නොකළොත් පින් සගමොක් වරදී
26
කොතැන වුණත් නැත මරු හට බාදා
විඳින මෙසැප පින් ඇති තෙක් වේදා
ගෙවෙන සසර දුක් බුදු බණ නාදා
කුමන නැටුම් කෙළි කවට සි නාදා
27
සැදැහත් තන්හට බව දුක් නොකැ මැති
යහපත් කල් මේ කල් මිස වෙන නැති
දනිතොත් දන්සිල් ගුණ සත නොනැ වති
පැයකුත් අවුරුදු දහසක් විත රැති
28
අද අද එයි මරු පින්කර ගන්නේ
කෙලෙසද සෙට මරු නේති සි තන්නේ
කිකලද මහසෙන් මරු කැප වන්නේ
කුමටද කුසලට කම්මැළි වන්නේ
29
කුමටද කාබී නිති සැරසෙ න්නේ
කොතැනද මේ කය අරගෙන යන්නේ
ඇම සඳ නොමැළිව පින් කර ගන්නේ
එම වද බව සයුරෙන් ගොඩ ලන්නේ
30
තෙරව සසර සයුරෙන් තෙපි නොල සා
තිරව ලබන මොක්සිරි සැප සක සා
තොරව පවින් නිතරම මුනි බණ සා
කරව කුසල් වීරිය පසු නො බැසා
31
හැමවිට පිනටම සිත පාදන්නේ
නිවනට මඟ එම වද සාදන්නේ
වැඩකට කී බස් කිම නාදන්නේ
නිරයට වන් කලදෝ තොප දන්නේ
32
මොක්සිරි දෙන මුනිඳුන්ගේ උපත කි
කප්කෙළ සිය දහසකිනුත් නොලදැ කි
පත්වූ එබුදුන්ගේ යුත් මෙකල කී
එක් වැරදුණ නැත පරලොව පිහිට කි
33
අත් වැඩ පරවැඩ සමව සිත න්නේ
මෙත් සිත සව්සත කෙරෙහි කර න්නේ
එත් බැරි නම් තොප සසර ගෙව න්නේ
සෙත් පුර සැප කෙලෙසකද ලබ න්නේ
34
මස් නැති ඇට කටු බලු ලෙව කන්නේ
කුස් පිරුමක් පලයක් නොල බන්නේ
ලෙස ඒ සැපතෙහි සැප නොසි තන්නේ
දොස් නොපෙනෙනු මිස දුක්මය වන්නේ
35